ඇමරිකාවේ නිව්ජ(ර්)සි කියන ප්‍රදේශයේ එක පොහොසත් ගෙදරක මහත්තය හදිසියෙ මැරුණා. එක දරුවයි හිටියෙ. එයා ගෑණු දරුවෙක්. වයස අවුරුදු පහක් විතර ඇති. ටික දවසකට පස්සෙ ඒ එකම දුවත් මැරුණා. දැන් නෝන මහත්තය මේ ගෙදර තනි වුනා. එයා අඬ අඬා බොහෝම දුකෙන් ඉන්නෙ තනියම. මේ නෝන ඉතිං හැමදැමත් තමන්ගෙ දුව සිහි කර කර වේදනාවෙන් ඉන්න කොට දවසක් මෙන්න අර මැරිච්ච දරුවා ආවා. හොඳට ඇඳගෙන ජීවත්වෙන විදියටමයි ආවේ. ඇවිල්ල ඇයි අම්මේ අඩන්නෙ. මං හොඳට සනීපෙන් ඉන්නවනෙ. කියල අම්මගෙ උකුලෙ ඉඳගත්ත. දැත් අම්මට ළමය මැරුණු බවක් හැඟෙන්නෙ නෑ. කලින් ජීවත්ව හිටි විදියමයි අතටත් හොඳට අහුවෙනවා. කිසි වෙනසක් නෑ. ටික වෙලාවකට පස්සෙ අම්මට මතක් උනා දරුව මැරුණනොවෙද කියල. දැන් දුව අම්මට කියනවා, මම ලෙඩ වෙලා මැරිල ගිහිල්ල දිව්‍ය ලෝකෙ උන්නෙ. ඒ දිව්‍යලෝකෙ රජ්ජුරුවො මට කිව්වා, අන්න උඹේ අම්ම අඩ අඬා ඉන්නව. ඒ හින්ද උඹට අවසර තියෙනවා. අම්මයි කණගාටුව ඉවර වෙනකම් උඹ ගෙදර ඉඳපන් කියල. ඉතිං මට අවසර දුන්නා මෙහෙ ටික කලක් ඉන්න. මං ආව කියල මේ විත්තියක් කා එක්කවත් කියන්නත් එපා. මට බේරුමක් නැතිවේවි. එක එක්කෙනාගෙන් කරදර ඇති වෙන්නත් පුළුවනි කියලත් කිව්වලු.
දැන් ඉතිං ඉස්සර වගේමයි. මේ දරුව අම්මත් එක්ක ගෙයි මිදුලෙ ටෙනිස් ගහනව. ඖචිල්ලත් පදිනවා. දවසක් මේ ළමය ඖචිල්ලාව පැද පැද ඉන්න කොට මේ ළමය ගැන හොඳට දන්න ඒ ගෙදරට විශ්වාස ඒ ගෙදරට නිතර පාහේ යන එන මහත්තයෙක් මේ ළමය ඔන්චිල්ලාව පදිනව දැක්ක. දැකල ටිකක් බලන් ඉඳල මේ අර මැරිච්ච දරුවම නේද කියල ලඟට ආව. ලඟට එනකොටම මේ ළමය ගෙට පැන්න. ගෙට පැනල හැංගුනා. ඉතිං අර මහත්තය හිතුව වෙන ළමයෙක් වෙන්න ඇති. මං දැකල බයට ගෙට පැන්නෙ කියල. එහෙම හිතල ඒ මහත්තය යන්න ගියා. තව දවසක් යනකොට ආයෙත් අර ළමය ඖචිල්ලාව පැද පැද ඉන්නවා දැක්ක. දැකල හීන් සීරුවෙ නොදැනෙන්න ලඟට ගිහිල්ල අර ළමයව අල්ල ගත්ත. බැලුකොට අර මැරිච්ච ළමයමයි. විස්තර අහල බැලුව. අම්මගෙනුත් විස්තර අහල ඔක්කොම තොරතුරු දැනගෙන මේ රපෝර්තුව දැම්ම පත්තරේට. ඇමරිකාවේ (Weekly Child News) පත්තරේ මේ ප්‍රවෘත්තිය පළවුනා. (මේ පත්තරේ මං ලඟ තියෙනව – බලංගොඩ නා හිමි.) මේ ප්‍රවෘත්තිය බොහොම ප්‍රසිද්ධ වුනා ඇමරිකාවේ.
-අතිගරු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි-
