ඔබ දන්නවාද අපි පළතුරක් ලෙස ආහාරයට ගන්න අඹවලින් ලස්සන වෙන්නත් උපකාරි වෙනවා කියලා..
අඹ ෆේස් මාස්ක් හදාගන්න විදිය ඔයා දන්නවාද?
හොඳින් පොඩි කරගත් ඉදුණු අඹ ගෙඩියකට ලෙමන් යුෂ තේ හැන්දක් මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න.
එම මිශ්‍රණය සමේ අඳුරු වූ හා අවපැහැ ගැන්වුණු ස්ථානවල ආලේප කර විනාඩි 20ක් තබා සීතල වතුරෙන් සෝදා හරින්න.
මෙයින් අවපැහැ ගැන්වුණු සම ක්‍ෂණිකව පැහැපත් කරගැනිමේ හැකියාව පවතිනවා..
තවද, ලෝකයේ තිබෙන මිලෙන් අධිකම අඹ වර්ගය වන්නේ “Miyazaki Mangoes” ලෙඅස්‍යි හැදින්වෙන්නේ..
මෙම අඹ වර්ගයේ උපත ජපානයේ කියුෂු ප්‍රාන්තයේ මියාසාකි නගරයේ දීයි..
වර්තමානයේ එය තායිලන්තය, ඉන්දියාව, පාකිස්තානය ආදී රටවලද බහුලව වගා කරනවා..
එමෙන්ම අඹවලින් විවිධ රස කෑම වර්ග හදන්න පුළුවන්..
ඒ අඹ චට්නි, අඹ ජෑම්, අඹ කෝඩියල්, අඹ අච්චාරු, අඹ දෝසි, අඹ අයිස්ක්‍රීම්, අඹ කේක් ආදී කෑම වර්ගයි..
මෙරට දැනට ප්‍රභේද කිහිපයක් දක්නට ලැබෙනවා..
විලාඩ්, කර්තකොලොම්බන්, ගිරා අඹ … ආදීයයි..
අඹ ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණයන් ගැන ඔබ දන්නවාද?
ඒ,පරිසර උෂ්ණත්වය වැඩිවීම නිසා සිරුරේ හට ගන්නා නොයෙක් ආබාධ වළකා ගැනීමට
- පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීමට.
- රුධිරය ආශ්‍රිත නොයෙක් ආබාධයන් වළකා ගැනීමට.
- සමෙහි නිරෝගී බව ආරක්‍ෂා කර ගැනීමට.
- පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදීද භාවිත කරයි.
- රාත්‍රි අන්ධභාවය වළක්වා ගැනීම.