“මගේ දෙමාපියන් මගේ ජයග්‍රහණයේ වැදගත් අංගයක්. ඔවුන් නොමැතිව මට කළ හැකි දේවලින් 50% ක් හෝ කළ හැකි යැයි මම හිතන්නේ නැහැ . මගේ වයස අවුරුදු 15 සිට මම විවිධ වැඩ කටයුතු සදහා සහභාගී වූ අතර ඒ සදහා ඔවුන් මට ශක්තිමත් බලවේගයක් බවට පත් වුණා. එමෙන්ම කණ්ඩායමක් ලෙසට ඔවුන් සමඟ එකට වැඩ කිරීමට හැකිවීම ම ලැබූ භාගයක් “
ජනප්‍රිය නිළි තමන්නාගේ සියලු වැඩකටයුතු තවමත් කළමනාකරණය කරන්නේ ඇගේ පියා සන්තෝෂ් භාතිය විසින්. ඒ අනුව මගේ සාර්ථකත්වයේ ගෞරවය මුළුමනින්ම හිමිවන්නේ දෙමව්පියන්ට. තම සාර්ථකත්වය ගැන තමන්නා කියන්නේ එහෙමයි.
සෑම දරැවෙක්ටම දෙමාපියන් තමයි ලොකුම හයිය.නිලියක් උනා කියලා ඒක වෙනස් වෙන්නේ නෑ.අපිට සුන්දර තාරකාවියක් තිරයේ පෙනුනට ඔවුන්ගේ ඒ ගමනට ශක්තිය වන්නේ ඔවුන්ගේ ලගින්ම ඉන්න අය.
