වෙලාවකම අපි විනෝදයට කරන දෙයක් වුණත් දෙපාරක් හිතන එක වැදගත්..
මොකද අපි නොහිතුවාට සමහර වෙලාවට විනෝදයත් එක්කම අපේ ජීව්තයට හිතන්නේවත් නැති විදිහේ කරදර ළඟ වෙන්න පුළුවන්..
මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ සිද්ධියක් ගැන කතාවක්.. පොඩ්ඩන්ගේ නිවාඩු කාලෙට වගේම, සති අන්තයේ ගෝල්ෆේස් පිටිය ගොඩක් කාර්යබහුලයි..
ඒත් ඒ විනෝදය ඇතුලේ ඇසෙන නොහිතන විදිහේ කතාවක් ගැන තමය් මේ කියන්න යන්නේ..
මේ මුහුණුපොතෙන් අහන්න ලැබුණ කතාවක්..
තව මීටර් 10ක් 15ක් බයික් එක ගියා නම් මගෙ පුතාට අප්පච්චි කෙනෙක් නැතිවෙනවා..
මගෙ බිරිඳට එයාගෙ ආදරණීයම කෙනා වන මම නැතිවෙනවා, මගෙ අම්මටයි, අප්පච්චිටයි මම නැතිවෙනවා..
මගෙ නංගිටයි,මල්ලිලා දෙන්නටයි එයාලගෙ ලොකු අයියා නැති වෙනවා.
හරියටම ප:ව 4:45 ට විතර මම බයික් එකේ කොල්ලුපිටිය පැත්තට ගියා ගෝල්ෆේස් ළඟින්. වාහන ටිකක් වැඩිත් නිසා 30kmph වගේ ගියෙත්. ITC Rathnadeepa එක ඉස්සරහින් යනකොට එකපාරම බෙල්ල හරහා මොකක් හරි පැටලුනා වගේ දැනුනා.. අතින් අල්ලාගත්තට බෙල්ලට හොඳටම හි ර උනා.. බයික් එක කොන්ට්‍රෝල් කරගෙන ඉක්මනින්ම නවත්තගත්තා.. ඒ වෙනකොට බෙල්ලට පැටලිලා තිබුණා සරුංගලයක තංගුස් නූලක්..
ඉක්මනින්ම නවත්තාගන්න පුලුවන් උන නිසා ඔහොම හීරිලා මගෙ ජීවිතේ බේරුනා!..
ඇත්තටම මට බය කියන එක මොකක්ද කියලා හොඳට දැනුනා.
මම කොටුව පොලිස් ස්ථානයට ගිහිල්ලා මේ බව දැනුවත් කලා. එසැණින්ම Police Mobile රථය එතනට යැව්වා…
කියන්න තියෙන්නෙ මිනිස්සු ලක්ෂ ගානක්, බයික් දහස් ගණන්, වාහන දහස් ගාණක යන ලංකාවෙ ප්‍රධානම පාරක් අයිනෙ අනාරක්ෂිතව මෙහෙම සරුංගල් යවන්න දෙන එක හරිද?…
මම නිසා බේරුනා. පොඩි දරුවො බයික්වල ඉස්සරහ දාගෙන යනවා.
ඒ වගෙ වෙලාවක මේ වගේ උනා නම්..
බලධාරීන් මේ ගැන අවධානය යොමු කරලා නිසි ක්‍රියාමාර්ගයක් ගන්න!..
කාගෙ හරි වටිනා ජීවිතයක් නැතිවෙන්න කලින්.
මෙය සෑම ප්‍රදේශයකම සිදුවිය හැකි
අනතුරකි!…