සමහර වෙලාවට ඔබ නිරත වෙන රැකියාව නිසා බොහෝ වෙලාවට පීඩාවට පත් වෙලා ඇති..
ඒත් ඉතින් දැන් ඒක ඔවුන්ට ඒතරම් ප්‍රශ්නයක් වෙන එකක් නම් නැහැ..
රැකියා වේලාවෙන් පසු ලැබෙන රාජකාරි පණිවුඩ සදහා ප්‍රතිචාර නොදක්වා සිටීමේ අයිතිය හෙවත් විසන්දි කිරීමේ අයිතිය නැමැති නීතිය (right to disconnect ) අද සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වෙනවා..
එරට රජය විසින් පියවර ගෙන ඇති බවරයි වාර්තා වෙන්නේ.. ඒ අනුව රාජකාරි වේලාවන් පසු ලැබෙන දුරකථන ඇමතුම්,ඊ මේල් පණිවුඩ සහ කෙටි පණිවුඩ සදහා ප්‍රතිචාර නොදැක්වීම හෝ විසන්ධි කිරීම සඳහා අද සිට සේවකයින්ට අයිතිය හිමිවෙනවා..
ඊට එරෙහිව ක්‍රියා කරන හාම්පුතුන්ට විරුද්ධව ඕස්ට්‍රේලියානු ඩොලර් 93,900ක දඩ මුදලක් නියම කළ හැකියි…
මෙලෙස නීති හදුන්වා දී ඇත්තේ රැකියාවෙන් පසු සේවකයින්ට වඩාත් හොඳ පෞද්ගලික ජීවිතයක් ගතකිරීමට අවස්ථාව උදාකර දීමට බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා…