Monday, April 28, 2025

කම්ඹුල් රෝස පැහැවීමේ රෝගයෙන් පෙළෙන සායි පල්ලවී

Published:

බොලිවුඩය මෙන්ම කොලිවුඩයත් ලෝකයට සුරූපී හා දක්ෂ නිළියන් රැසක් තිළිණ කළ සිනමා ක්ෂේත්‍රයන් දෙකක්. කොලිවුඩය, එනම් දකුණු ඉන්දීය සිනමාව ගැන සලකා බලන විට වර්තමානයේ එහි සිටින සුවිශේෂිත නිළියක් තමයි සායි පල්ලවී.

නිතරම රෝස පාටින් දිලෙන ඇගේ දෙකොපුල් දකින ඕනෑම කෙනෙකුට සිතෙන්නේ කොලිවුඩයේ රෝස කුසුම ලෙස ඇයව හැඳින්වීමේ වරදක් නැති බවයි.

සායි පල්ලවී සෙන්තමරායි තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බතූර් හි කේටාගිරි ප්‍රදේශයේ උපත ලබන්නේ 1992 වසරේ මැයි 09 වැනිදා, ඇගේ පියා සුරාබදු නිලධාරියකු වන සෙන්තමරායි කන්නන්, මව රාධා කන්නන්, සායි පල්ලවීගේ නිවුන් සොහොයුරිය වන පූජාත් නිළියක්.සායි තමන්ගේ අද්‍යාපන කටයුතුද ඉහලින්ම අවසන් කරන්නේ වයිද්‍ය වරියක් ලෙසයි.

සායි මේ වන විට දකුනු ඉන්දියානු සිනමාවේ සිටින සාර්ථක ම සුවිශේෂී නිලියක් ලෙස සම්මාන ද තමන්ගේ රංගනයන් වෙනුවෙන් එකතු කරගෙන හමාරයි.

ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් බව බොහෝ දෙනකු දන්නා කාරණයක්. ETV රූපවාහිනියේ ධී අල්ටිමේට් ඩාන්ස් ෂෝ (SEASON 04) නම් තෙලිඟු රියැලිටි වැඩසටහන, 2008 විජේ TV රූපවාහිනියේ උංගල් යාර් උදුකා DANCE REALITY SHOW වැඩසටහන ඇය සහභාගි වූ රූපවාහිනී වැඩසටහන් දෙකක් වෙනවා.

ඇගේ බොහෝ රසිකයන්ට පවතින ගැටලුවක් තමයි නිතරම ඇගේ දෙකොපුලේ පවතින අසාමාන්‍ය රෝස පැහැය. නමුත් ඊට හේතු වී ඇත්තේ රූපලාවණ්‍ය ආලේපනයක් නොවෙයි. වෛද්‍යවරු එය හඳුන්වන්නේ ROSACEA නමින්. එයට හේතුව ඇතැම් අයගේ මුහුණේ රුධිර නාළ සමට ඉතා ආසන්නයෙන් පැවතීම. එසේ වුවත් පල්ලවීට නම් එම තත්ත්වය නිසා ලැබී ඇත්තේ අනෙකුත් නිළියන්ට නොලැබෙන ස්වාභාවික ආකර්ෂණයක්. කොහොමත් ඇය දර්ශන තලයේ දී අත්‍යවශ්‍ය මොහොතක දී පමණයි රූපලාවණ්‍ය හා වේශ නිරූපණ ආලේපන යොදා ගන්නේ.

එළවළු ආහාර පමණක් (VEGETARIAN) ගන්නා සායි පල්ලවී චොකලට් මෙන්ම පැණිරස ආහාරවලට වැඩි රුචියක් දක්වනවා. එමෙන්ම ඇය දැඩි ක්‍රිකට් ලෝලිනියක්. ප්‍රියතම නළුවන් ලෙස කමල් හසන්, සූර්යා හා මැමටි සලකන ඇගේ ප්‍රියතම නිළියන් වන්නේ ජෝතිකා සහ සිම්රන්. කවුරුන් හෝ ඇය වඩාත්ම කැමැති චරිතය ගැන ඇසුවොත් ඇය නොඅනුමනාවම පවසාවි ඒ මහා භාරතයේ අභිමන්‍යු චරිතය ප්‍රියකරන බව.සායි දකුණු ඉන්දියානු සිනමාවට දායාද උන සුන්දර තාරකාවියක්

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img