2007 වසරේදී අමෙරිකානු නළුවෙක් වන රිචර්ඩ් ගිය, ඒඩ්ස් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකදී වේදිකාව මතදී ශේට්ටි ව සිප ගැනීම ඉන්දියාව තුල මහත් ආන්දෝලානාත්මක සිදුවීමක් උනා මතක ඇතිනේ..මේ සිපගැනීම අශෝභන ඉතා මහතමට්ටමේ දෙයක් බව ඉන්දියානු ජනතාවගේ මතය උනෙ.
මේ ශිල්පාව සිපගත් රිචර්ඩ් පවසා තිබුණේ සිප ගැනීමෙන් ඒඩ්ස් නොසෑදෙන බව පෙන්වීම සඳහා තමා ශිල්පා ශේට්ටිව සිප ගත් බවය. තමා එම සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් ඔහු පවසලා තිබුනා
එම සිද්ධියෙන් අනතුරුව හින්දු දැඩි මතධාරීන් විරෝධතා පැවැත්වූ අතර ඔවුන් එම සිදුවීම හඳුන්වූයේ ඉන්දීය ආචාරධර්මවලට කළ අපහාසයක් ලෙසය.
ප්‍රසිද්ධියේ සිප ගැනීම තහනම් දෙයක් ලෙස සමහර ඉන්දියානුවෝ සලකන්නේ.
එම සිද්ධියෙන් අනතුරුව ඉන්දීය පොලීසිය අමෙරිකානු නළු රිචඩ්ඩ එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීය.
ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ “ලාභ ප්‍රසිද්ධියක්” බලාපොරොත්තුවෙන් එම නඩුව ගොනුකර ඇති බවය.
නමුත් ශිල්පා ශෙට්ටි ට එයින් ගැලවෙන්න ලේසි උනේ නැහැ
ඇයට එරෙහි නඩුව වසර 15ක් පුරා ඇදී ගිය අතර අවසානයේදී මුම්බායි අධිකරණය විසින් ඇයව නිදහස් කරේ 2022 වර්ශයේදී ..ඔන්න ඔහොමයි ඒ කිස් කතාව අවසාන උනේ.


