Monday, April 28, 2025

යුක්‍රේනයට නැවත ආයුධ හිඟයක්

Published:

යුක්‍රේනයට නැගෙනහිර පෙරමුණේ සටන්බිමේ දී නැවතත් කාලතුවක්කු උණ්ඩ පාලනයකින් යුක්තව භාවිතා කිරීමට සිදුව ඇතැයි ෆයිනෑන්ශල් ටයිම්ස් පුවත්පත පවසනවා.

එම පුවත්පත සඳහන් කරන්නේ අගෝස්තු 6 වනදා අරඹන ලද කුර්ස්ක් ප්‍රහාරයෙන් අනතුරුව එදෙසට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇති නිසා යුක්‍රේනය නැගෙනහිර පෙරමුණේ අවි හිඟයකින් පෙලෙන බවයි.

කුර්ස්ක් ප්‍රදේශයේ යුක්‍රේනියානුවන් තවමත් සුළු ජයග්‍රහණ ලබන අතර නැගෙනහිර පෙරමුණේ පක්‍රොව්ස්ක් හි රුසියානුවන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. මේ අතර නිව්-යෝර්ක් ගම්මානය තමන් අතට පත්වූ බව රුසියාව සඳහන් කළා.

කුර්ස්ක් පළාතේ සීම් නදිය මතින් වැටුණ පාලම් තුනට පහරදීමට යුක්‍රේනියානුවන් සමත් වූ අතර එහි තාවකාලික පාලම් ඉදිකිරීමට රුසියානුවන් ගන්නා උත්සාහයට ද බාධා කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img