Sunday, April 27, 2025

මන්ත‍්‍රී දෙදෙනෙක් විවාදයක් මැද ගුටි ඇනගනී

Published:

ගම්බරම් සහ වේලුකුමාර් යන මන්ත්‍රීවරු දෙදෙනා සිරස ටී.වී දේශපාලන වැඩසටහනක් අතරතුර පහරදීමක් සිදුකරගෙන ඇත.

දිගම්බරම් මන්ත්‍රීවරයා ක්ෂණිකව අසුනෙන් නැගිට ගොස් වේලුකුමාර් මන්ත්‍රීවරයාට නොකඩවා පහරදීමට පටන් ගන්නා අයුරු එම වීඩියෝ රූපරාමු වල දැක්වෙනවා .

එහිදී වැඩසටහනේ නිවේදකයින් සහ කාර්යමණ්ඩලය එක්ව ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ ගත්තද එකිනෙකා පටලාගෙන සිටි මන්ත්‍රීවරුන් දෙදෙනා වෙන් කිරීමට විනාඩි කිහිපයක කාලයක් ගත වූ අතර එහිදී දෙදෙනාම ගුටි බැට හුවමාරු කරගන්නා අයුරු දර්ශනවල දැක්වෙනවා .

කෝපාවිෂ්ඨ වූ දිගම්බරන් මහතා මේසය මත තිබූ ජල වීදුරුවෙන් වේලුකුමාර් මන්ත්‍රීවරයාට පහරදී ඇති බව වාර්තා වේ.

ගැටුමට මූලික වී ඇත්තේ වේලුකුමාර් මන්ත්‍රීවරයා විසින් බාර් පර්මිට් ලබාගාත් බවට චෝදනාවක් සම්බන්ධයෙන් ඇතිවූ කතා බහකි.

පහර කෑමෙන් තුවාල ලැබූ එක් මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කර ඇති අතර වැඩසටහනද එතැනින් අවසන් කළ බව වාර්තා වේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img