Tuesday, April 29, 2025

විශ්වයම කම්පා කළ වෛද්‍ය වරියගේ කතාව

Published:

අභ්‍යාසලාභී වෛද්‍යවරියක් සිය රාජකාරි වේලාව තුළ දී කොල්කටා රෝහලක දී දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් රටපුරා ක්‍රියාත්මක විරෝධතා මධ්‍යයේ, සෑම පැය දෙකකට වරක් නීතිය හා සාමය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ප්‍රාන්ත පොලිසි වෙත නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව තැපැල්, ෆැක්ස් හෝ වට්ස් ඇප් හරහා එම වාර්තා එවන ලෙසටයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත්තේ.

බටහිර බෙංගාලයේ කොල්කටා හි ආර්ජි කාර් වෛද්‍ය විද්‍යාලයේ සේවය කරන 31 එක් හැවිරිදි වෛද්‍යවරියක් මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා.

පැය තිස් හයකසේවා මුරයක නියැලෙමින් සිටි ඇය පාන්දර 2 කට පමණ සිය සගයන් සමග රාත්‍රි ආහාරය ගැනිමෙන් පසුව විවේක ගැනිමට ගිය බවට සදහන්.

නමුත් ඊලග දිනයේ උදය කාලයේදි ඇයගේ සිරුර විවේක කාමරයට යාබද ඉදිකිරීම් කටයුතු සිදුවන ස්ථානයක ලේ වැකුණ මෙට්ටයක් මත තිබි ⁣සොයා ගෙන තිබෙනවා.

එසේ සොයා ගන්නා විට ඇයගේ සිරුරට අමානුෂික අන්දමින් හානි කර තිබු සලකුණු දක්නට ලැබුනා.

ඇයගේ දෙපා උකුල් ප්‍රදේශයෙන් වෙන්වන අයුරින් දෙපසට ඇද තිබු අතර ඇය පැලදි උපැස් යුවල ඇස් තුලට කා වැදි ඇස්වලට බරපතල හානි සිදු කර තිබුනා.

ඒ ආකාරයෙන් සිරුර දරුණු හානියකට ලක්ව තිබුනත් පොලිසිය දෙමාපියන්ට දැනුම් දි තිබුනේ ඇය සිය දිවි නසා ගෙන ඇති බවයි.

නමුත් මරණ පරික්ෂණයේදි ඇය බරපතල ලිංගික අතවරයකට ලක් ව තිබු බවට හෙලි විමත් සමග කල්කටා පොලිසියට නිහඩව සිටිමට නොහැකි වුයේ ඉන්දියාව පුරා පැන නැගුණ විරෝධතා හේතුවෙන්.

සිසිටිවි රූප පරික්ෂා කිරිමෙන් පසු පොලිසිය එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තත් සිදුවිම පිටුපස එයට වඩා වැඩි පිරිසක් සිටින බව පෙනි යන්නේ සිදුවිමෙන් දින කීපයකට පසුව දහසකට ආසන්න පිරිසක් වෛද්‍යවරිය මරා දැමුනු රෝහලට කඩා වැදි සාක්ෂි මැකි යන අන්දමින් රෝහලට හානි පැමිණ වීමත් සමගයි.

මේ සිදුවිමට විරෝධය පා ඉන්දියාව පුරා වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් ⁣සේවාවලින් ඉවත්ව තිබුනා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img