Tuesday, April 29, 2025

ඩොලර් හය ලක්ෂ තිස් දහසකට අලෙවි වූ ශ්‍රී ලාංකිකයන් රඟපෑ චිත්‍රපටයේ දුඹුරු තොප්පිය

Published:

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ දෙවන කොටස වූ “Indiana Jones and the Temple of Doom” හි හැරිසන් ෆෝඩ් විසින් පැළඳ සිටි දුඹුරු තොප්පිය වෙන්දේසියකදී ඩොලර් 630,000 කට අලෙවි වී තිබෙනවා. මෙම තොප්පිය නිර්මාණය කර ඇති ලන්ඩනයේ හර්බට් ජොන්සන් සමාගම, භාවන්ගේ සිනිඳු ලෝම භාවිත කරමින් එය නිපදවා තිබෙනවා.

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දර්ශන කිහිපයක් රූගත කර ඇති අතර, ශ්‍රී ලාංකික නළු නිළියන් පිරිසක්, ඩී. ආර්. නානායක්කාර, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, සහ දර්ශන පනන්ගල ඇතුළු පිරිසක් මෙයට රංගනයෙන් දායක වී තිබුණා. “Indiana Jones and the Temple of Doom” ලොව පුරා ඩොලර් මිලියන 333.1 ක ආදායමක් උපයාගෙන 1984 වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය ලෙසින් නම් වූවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img