Tuesday, April 29, 2025

එම්පොක්ස් බිය පාකිස්තානය පුරා පැතිරෙයි

Published:

එම්පොක්ස් හෙවත් මංකිපොක්ස් ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වේ යැයි පාකිස්තානය බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බිය හේතුවෙන් පාකිස්තානය පුරා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට බලධාරීන් දැනුම්දී තිබේ.

ඒ අනුව පාකිස්තානයේ දේශසීමා, සෞඛ්‍ය සේවා, ගුවන්තොටුපොළ ඇතුළු සියලුම පිවිසුම් ස්ථානවල පූර්ව ආරක්ෂාව තීව්‍ර කිරීමට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

මංකිපොක්ස් රෝග ලක්ෂණ යැයි සැක සහිත පුද්ගලයන් රටට ඇතුළුවන අවස්ථාවේදී දැඩිව පරීක්ෂා කිරීම සිදුකෙරෙන බවද වාර්තා වෙයි.

මංකිපොක්ස් රෝගියෙකු එරටින් හමුවීමත් සමග මෙම පියවර අනුගමනය කිරීමට කටයුතු කර තිබේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img