මම medicine ඉගෙන ගන්න ගිය Georgia වල හැමෝටම ලස්සන මුහුනු තිබ්බා. Pimples එහෙම නෑ හරිම clear. එහෙම බැලුවම මගේ මූනෙ pimples ගොඩයි. මට මං ගැන ලොකු අවිශ්වාසයක් තිබ්බා. මගේ කටහඩත් ගොඩක් ගොරෝසුයි. මගෙ කොන්ඩෙත් කිසිම පිලිවෙලක් තියෙන කොන්ඩයක් නෙවේ. Premam එකේ රගපාද්දි අඩුම ගානෙ මම ඇහිබැම වත් හදලා තිබ්බෙ නෑ.”
මෙහෙම කියන්නෙ තමන්ගෙ පලවෙනි චිත්‍රපටය වුනු Premam හි මලර් ව්දියට හැමෝගෙම ආදරය දිනාගත්ත සායි පල්ලවී පල්ලවී ට තියෙන්නෙ හරිම ස්වාභාවික ලස්සනක්. සුදු, ලස්සන, කැලලක්වත් නැති මූනු තියෙන, දිලිසෙන පිලිවෙල කොන්ඩ තියෙන නිලියො මැද්දට එක පාරට මූනෙ තියෙන pimples නිසා කම්මුල් රෝස පාට වුනු, දිගට දිගේ විසිරුනු කොන්ඩයක් තියෙන පල්ලවී ආවම ඇත්තටම මට හිතුනා එයාට චාම් ස්වාභාවික ලස්සන කියන දේ හොදටම පිහිටලා තියෙනවා කියලා ඇත්තටම පල්ලවී ස්වාභාවික ලස්සන කියන දේ ගොඩක් අගය කරන නිලියක්. ඒ නිසා make up භාවිතයත් ගොඩක් අඩුයි. Award ceremony එකකට වුනත් යද්දි ඇය හරිම සරල චාම් විදියට තමා යන්නෙ️
“Premam එකේ director මට මලර් ගෙ චරිතෙ බාර දුන්නම මට හිතුනා මම කොහොමද මේක කරන්නෙ කියලා. මොකද මගේ පෙනුම ගැන විශ්වාසයක් නැතුව ඉන්න මම කොහොමද මිනිස්සුන්ගෙ ආදරය ලබාගන්නෙ. ඒත් චිත්‍රපටයේ මලර් ගෙ චරිතෙට රසිකයන්ගෙ ආදරය දැක්කම මට හිතුනා මටත් වඩා එයාලා මගේ පෙනුමට ආදරෙයි කියලා”
ඉතින් මෙහෙම පටන් ගත්ත සායි පල්ලවී දැං ඇගේ සිනමා දිවියේ ගොඩාක් දුර ඇවිල්ලා ඉවරයි. ඇය සම්මානලාභී චිත්‍රපට නිලියක්. ඒ වගේම වර්තමානයේ ඇය මලයාලම්, දමිල තෙලිගු වගේම හින්දි චිත්‍රපට සදහාද තම රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම ඇගේ චාම් සුන්දරත්වය නිසා රසික ආදරයත් නොඅඩුවම ලබාගන්න නිලියක්