Sunday, April 27, 2025

දීපිකා කොටුවෙලා ඉන්නෙ චරිතවල විවිධත්වයක් නෑ

Published:

අපෝ දීපිකා!”
” දීපිකා කියන්නෙ නිලියක්ද.”
” දීපිකා කොටුවෙලා ඉන්නෙ. චරිතවල විවිධත්වයක් නෑ”
“දීපිකාට රඟපාන්න බෑ”

වගේ ප්‍රකාශ අතලොස්සක් තවමත් බලාගන්න පුළුවන්.ඇත්තටම එහෙම ප්‍රකාශ දැක්කම හිනායනවද,තරහ ගන්නවද කියලා හිතෙනවා.මේකප් නැතුව හෝ ඇතුවත් සමහරැ ඇය ෆොටෝ එකක් දානකන් ඒක ඩැහැගන්න වගේ බලන් ඉඳලා “අපෝ මීට වඩා අපි ලස්සනයි” කියන අයත් බලාගන්න පුළුවන්.

හැබැයි දීපිකාට ආදරය කරන ලොව පුරා මිලියන ගණන් රසික රසිකාවියන් සංඛ්‍යාව හමුවේ ඒ සියලු අපහාස අතේ ඇඟිලි ගාණට සීමා වෙනවා සහ එවැනි වෛරීසහගත ප්‍රකාශ දීපිකාගෙ ගමනට හෝ ජනප්‍රියත්වයට හානි කරනවා වෙනුවට ඇයව තවත් ඔසවා තැබූ බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.
ඇත්තටම දීපිකා කියන්නේ කවුද..? නිකන්ම නිකන් රගපාපු කෙල්ලෙක් විතරද?

නිකන්ම නිකන් කෙල්ලෙක් කොහොමද මෙච්චර සාර්තක උනේ ? ඇයට බොලිවුඩයට සම්බන්ද පවුල් පසුබිමක් තිබුනද..? එහෙම නැත්න්ම් දේශපාලන හයියක්..? නැත්න්ම් සල්ලි වලට ..? ඒත් නෑ.ඒ එකක්වත් නැත්නම් ඇයට තිබුනේ මොකක්ද ? හැබැයි ඇයට වාසනාවක් සහ දක්ශතාවයක් තමයි තිබුනේ..පෙර පිනට ලැබුනු වාසනාවට ඇය දක්ශතාවය එකතු කරන් ස්ටෙප් බයි ස්ටෙප් ඇගේ හැකියාව වරදනය කරගන්නවා…ආන්න එහෙම තමයි දීපිකා නම් නාමය බොලිවුඩයේ සදා නොමැකෙන නිලි පවුර්ශයක් ලෙස ඇගේ නමින් ඇය ලියන්නේ.

අවුරුදු 21 තරම් වයසකින් නිලියකට ජීවිතේ ලැබෙන වාසනාවන්තම මංගල සිනමා සම්ප්‍රාප්තියට උරැමකම් කියමින් රෝස පැහැ සල්වාරයකින් සැරසී කහ පාට කාර් රතයකින් එලියට පයතබන්නේ බොලිවුඩයේ සිහින කුමරියක් බවට පත් වෙමිනුයි .එදා පටන් ඇය ඇගේ ජයග්‍රාහී ගමනට පාර කපා ගන්නවා.ඒ ඉන්දියාව පමනක් නොව හොලිවුඩය ද ජයගනිමින් ගෝලීය තාරකාවියක් යන නාමයද ලබාගනිමින්..බොලිවුඩයේ සුන්දර මතක හිටින චරිත කිහිපයක්ම ජීවමාන කරන ඇය තමන්ගේ සමකාලීන නිලියන් අභිබවා යමින් ජන්ප්‍රියත්වයක් ලගා කරගන්නවා.

ඒ වගේම බොහෝ දෙනෙක්ගේ මතය තමයි විවාහයෙන් පසුව නිළියකගේ career එක ඉවරයි, එතනින් එහාට ළමයි හදාගෙන පවුල නඩත්තු කරන්නයි තියෙන්නේ කියන එක. හැබැයි දීපිකා ඒක බොරුවක් බවට පත් කරලා විවාහයෙන් පසුවත් අංක එකේ වැජඹෙනවා. ඇය ලෝක බලවතෙක් දක්වා ඇයගේ ජයග්‍රාහී ගමන දියත් කරනවා.අසීමිත ජයග්‍රහණය ,පැසසුම් තමන්ගේ නම ඉදිරියේ පලමුවෙන්ම සටහන් කර ගන්නට තරම් වාසනාවන්ත වනවා.

⭕ලෝකප්‍රකට ක්‍රිස්ටල් සම්මානය හිමි කරගත් පලමු ඉන්දියානු පුරවැසියා වීමට තරම්

⭕ Times 100 හි ලොව බලවත්ම පුද්ගලයන් අතර මුල් පෙල ගන්නට තරම්

⭕Cannes, met gala, venice biennale gala වැනි ලෝකප්‍රකට අන්තර්ජාතික උළෙලවල් සඳහා අවුරුදු ගණනාවක් තිස්සේ ඇරයුම් ලැබෙන්නට තරම්

⭕ Louis vouitten වැනි ගෝලීය දර්ශකයේ මුල් පෙළ පසුවන අති සුඛෝපභෝගි වෙළඳ සන්නාමයේ “ගෝලීය” සන්නාම තානාපතිනිය ලෙස තෝරාගත් පලමු ආසියානු නිලිය වන්නට තරම්

⭕ ග්‍රීසියේ ඇතෑන්ස් ගුවන්තොටුපළේදී ඇයගේ ප්‍රතිමාවක් ප්‍රදර්ශනය වන පලමු ඉන්දියානුවා වීමට තරම්

⭕ලොව දසවන වැඩිම අයකිරීමක් කරන නිළිය වෙමින් ඉන්දියාවෙ වැඩිම අයකිරීමක් කරන නිළිය ලෙස වාර්තා අතරට යාමට තරම්

⭕ඉන්දියාවේ වැඩිම ආදායමක් ලබන නිලිය ලෙස ගින්ස් පොතට ඇතුලත් වීමට තරම්

⭕ඔස්කාර් සම්මාන උලෙලක් තනිව ඇමතූ පලමු ඉන්දියානු තරැව වීමට වාසනාවන්ත වන්නට තරම්

⭕ඉතිහාසය අලුත් කරමින් පාපන්දු ලෝක කුසලානයක් නිරාවරණය කිරීමට එක් වූ ලෝකයේ පලමු නිලිය වන්නට තරම්

⭕ලොව හොදම ගුවන් සමාගම ලෙස හැදින්වෙන ක්වටාර් එයාලයින්හි ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස තේරි පත්වන්නට තරම්.

⭕ලෝකප්‍රකට වෝග් සගරාව මගින් ප්‍රකාශයට පත් කරන ජාත්‍යන්තර සිනමා තාරකාවන් 12 දෙනා අතරට ඇතුලත් වීමට තරම්

⭕Global Archive’s Award හි හොදම නිලිය ලෙස 2021 වර්ශයේදී නොමිනේශන් 3000 ක් අතරින් තේරී පත් වූ එකම ඉන්දියානු නිලිය වන්නට තරම්

⭕EMA හෙවත් MTV Europe Music Award ඉදිරිපත් කරන්නියක් ලෙස සහභාගි වූ පලමු ඉන්දියානු තරැව වීමට තරම්

⭕ලොව ලස්සනම කාන්තාවන් අතර දෙවනි තැනට තේරි පත්වන්නට තරම්.

⭕2022 වර්ශයේදී කෑන්ස් සිනමා උලෙලේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්තාව හිමි කරගන්නට තරම්

⭕BAFTA ( 77 වන බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලෙල 2024 )ලොව දෙවන විශාලම සම්මාන උලෙලට ආරාධනා ලැබූ මෙන්ම ඇමතූ පලමු ඉන්දියානු නිලිය වන්නට තරම්

⭕Deadline’s Global Disruptors 2024 ලැයිස්තුවට ඇතුළත් වූ පළමු ඉන්දීය තරුව බවට පත්වන්නට තරම්

⭕2018 Tings Magazines Cover Page හි පළ වූ පළමු ඉන්දියානුවා වන්නට තරම්.

⭕ෆෝබ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමු 5 දෙනා අතරට පැමිණි පළමු කාන්තාව වන්නට තරම්

⭕Bisleri හි ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස තේරැන ප්‍රතම රංගන ශිල්පිනිය බවට වන්නට තරම්.

⭕2019 අගෝස්තුවේ පෝටර් සංස්කරණයේ පළ කළ පළමු ඉන්දියානුවා වන්නට තරම්

⭕ලෝකප්‍රකට Nike Sports Wears ගෝලීය තානපතිනිය ලෙස පත් වූ එකම නිලිය වන්නට තරම්

⭕වර්ශ කිහිපයකම සිට විද්‍යාත්මක න්‍යාය ට අනුව ලොව ලස්සනම කාන්තාවන් අතර සිටින්නට තරම්

⭕ලොව හොඳම ජනප්‍රියම නිළියන් නව දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වූ එකම ඉන්දීය නිළිය වන්නට තරම්

⭕ලොව විශාලතම ප්‍රදර්ශනය වන Expo 2020,ලොව විශාලතම කලා සංදර්භ ප්‍රදර්ශනය වන Venice Biennale ,ලොව විශාලතම වාස්තු විද්‍යාත්මක විලාසිතා දැක්ම Cruise Show 2023,The Academy Museum Gala In La ජාත්‍යන්තර අවස්තා සියල්ලටම ආරාධනා ලැබූ එකම ඉන්දියානු කලාකරැවා ව්න්නට තරම්.

⭕Time 100 Impact සම්මානයෙන් දෙවරක් ලැබූ පලමු බොලිවුඩ් නිලිය වන්නට තරම්.

⭕විවිධ ජාත්‍යන්තර කාන්තා බලපෑම් වාර්තාවේ ( Featured In The Variety International Women Impact Report )දෙවන වරටත් ඇතුළත් වූ එකම ඉන්දීය නිළිය බවට පත්වන්නට තරම්

⭕Business of Fashion 500 ලැයිස්තුවට ඇතුළත් වූ එකම ඉන්දියානු නිළිය වන්නට තරම්,

⭕ලොව පලමු පෙල ස්වර්ණාභරණ සන්නාමය වන Cartier ,ලෝකයේ ප්‍රමුඛ සන්නාම වන Chopard , levis,addidas ,pottery burn,Hilton වැනි සුප්‍රසිද්ධ සන්නාම වල ගෝලීය සන්නාම තානපතිනිය වන්නට තරම්,

⭕Times සගරාව මගින් දෙවරක් ගවුරවයට පාත්‍ර වූ පලමු ඉන්දියානු නිලිය වන්නට තරම්, ඇය බලසම්පන්න කාන්තාවක්.

⭕ලන්ඩනයේ ඊවිනිං ස්ටෑන්ඩර්ඩ් සඟරාවේ කවරය සැරසූ පළමු ඉන්දියානුවා මෙන්ම ජාත්‍යන්තර පේපර් සගරාවේ පලවූ පලමු ඉන්දියානුවා,ඉන්දීය නිළියන් අතරින් වැඩිම සඟරා කවර ප්‍රමාණයක් ( ඉන්දියානු මෙන්ම ජාත්‍යන්තර ) සැරසූ වාර්තාවට හිමිකම් කියන්නට තරම්

⭕වසර 12 ක් පුරාවට ඉන්දියාවේ අංක එකේ නිලිය,බොලිවුඩ් රැජින වැඩිම අයකිරීමක් කරන නිලිය,වැඩිම වටිනාකමක් සහිත නිලිය.කෝටි 1000 චිත්‍රපට ත්‍රිත්වයකට සම්බන්ද වූ එකම ඉන්දියානු තාරකාවිය, සමීක්ශනයන්ගෙන් ඉහලින්ම වැජබෙන නිලිය තව නොයෙක් සම්මාන,ජයග්‍රහණ රාශියක් ඇය සතුයි.නමුත් පුදුමයට කාරණය ඇය නිලියක් ද කියන එක සමහරෙක්ට ප්‍රශ්නයක්..

බොහෝවිට සිනමා විචාරකයන් ඇයගේ අන්තර්ජාතික ජයග්‍රහණයන් පිළිබඳව මේවන තෙක් ලොකුවට සටහන්,ඇගයකිරීම් නොතබන්නේ ඇයට පවුල් බලයක් බොලිවුඩය තුළ නොමැති නිසා වෙන් ඇති.නමුත් ප්‍රේක්ෂකයන් ට ඇය රැජිනක්.

ඇයද විවිධ ප්‍රශ්න,කටකතා,කඩාවැටීම් ,බිදවැටීම් වලට මුහුන දීපු තාරකාවියක් .නමුත් ඒ සියලු අවස්තාවන් හිදී ඇගේ හැසිරීම ප්‍රශංසනීයයි .ඇය ඒවට මුහුන දීපු ආකරාය එඩිතර සම්පන්නයි.ඇය කවදාවත් කාටවත් ඇගිල්ල දික් කරන්නවත් දොස් නගන්නවත් ගියපු කෙනෙක් නෙමෙයි .නිහඩතාවයෙන් උත්තර දීපු කෙනෙක්.ඇය ඇගේ ගමනෙදි තව කෙනෙක් පහතට දා කතා කරපු කෙනෙක් නෙමෙයි ..හැම වෙලාවකම උසස් කාන්තාවක් විදියට ඇය හැසිරීම් ඇයගේ විශේශත්වයක් .

ඇය වර්තමානයේ මෙන්ම ඉදිරියේදිත් බොලිවුඩයේ තවත් සිනමා නිර්මාණ වලට දායක වේවි.අමතක නොවන චරිත ජීවමාන කරාවි,ගෝලීය සිනමාවේ ජයග්‍රහණ ලබාවී,තව තවත් බැබලේවි,ඒ වගේම ඉරිසියාවට ලක් වේවි,කටකතා වලට ලක් වේවි.ඇය තව කාලයක් සිනමාව වර්නවත් කරාවි ඇයට ඇතී යැයි හැගුන දාක සිනමාවෙන් සමු ගනීවී

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img