Tuesday, April 29, 2025

සිරුර පොර උරයක දමලා කිඹුලන්ට කන්න දලා

Published:

ගම්පහ, යක්කල ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායකයකු සහ බේස් ගිටාර් වාදකයකු ඝාතනය කිරීමේ සිද්ධියේ සුලමුල අනාවරණය වී තිබෙනවා.

අදාළ සංගීත ශිල්පියා පහරදී මරා ඔහුගේ මළ සිරුර පෝර උරයක දමා යතුරුපැදියද සමඟ කිඹුලන්ට කෑම සඳහා අත්තනගලු ඔයට දැමූ දෙදෙනකු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු එම සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියකු ලෙස ක්‍රියා කරන අතර අනෙක් පුද්ගලයා ඔහුගේ මිතුරකු වන ගරාජ් හිමියෙකි.

ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මරාදැමූ ගායන ශිල්පියාට අයත් යතුරුපැදියද අත්තනගලු ඔයේ තිබියදී සොයාගැනීමට නිලධාරීන්ට හැකිවිය.

මරා දමා ඇත්තේ යක්කල, රතුපස්වල පදිංචි 40 හැවිරිදි සුරංග නමැති අයෙකි.

පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

මියගිය සුරංග නමැත්තාගේ බිරිය ඉකුත් 3 වැනිදා යක්කල පොලිසියට පැමිණිල්ලක් කරමින් සිය සැමියා අතුරුදන්ව ඇති බව පවසා ඇත.

අගෝස්තු 4 වැනිදා අත්තනගලු ඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක් ගොඩගැනීමට පොලිසියට හැකිවූ අතර එය තම සැමියා වන සුරංගගේ බවට ඇය පසුව හඳුනාගෙන ඇත.

මළ සිරුර සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ලැබී ඇත්තේ විවෘත තීන්දුවකි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ මරා දැමුණු සංගීත කණ්ඩායමේ ගායකයා එම කණ්ඩායමේම ශිල්පියකුගේ බිරියක් සහ කණ්ඩායමේ ගායිකාවක් සමඟ අනියම් සබඳකමක් පවත්වාගෙන යන බවය.

පසුව ඒ සම්බන්ධයෙන් එම කණ්ඩායමේම වාදන ශිල්පියකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු සිය මිතුරකු සමඟ ඇති වූ බහින්බස් වීමකදී මිතුරා සුරංග නමැත්තාට යකඩ පොල්ලකින් පහරදුන් බවය.

පසුව එම ස්ථානයේම සුරංග නමැත්තා මරණයට පත්වී ඇති අතර එදිනම රාත්‍රියේ සුරංගගේ සිරුර පෝර උරයක බහා ඔහුට අයත් යතුරුපැදියද සමඟ ගරාජයේ තිබූ වෑන් රියක දමාගෙන රැගෙන ගොස් අත්තනගලු ඔයට දමා ඇති බවය.

ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ කිඹුලන් සිටි තැනින් එම සිරුර ඔයට දැමූ බවය.

පසුව නාවික හමුදා කිමිඳුම්කරුවන් විසින් ඔයට දැමූ යතුරුපැදිය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව සිද්ධිය ඇසින් දුටු ගරාජයේ බාස් කෙනකුට එදින දිනක වැටුප ගෙවා ඔහු පිටත්කර යවා තිබූ අතර, ඔහුගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඊට අමතරව මියගිය පුද්ගලයා අනියම් සබඳකම් පැවැත්වූ වාදන ශිල්පියාගේ බිරියගෙන් සහ සංගීත කණ්ඩායමේ තරුණ කාන්තාවකගෙන්ද මෙසේ පොලිසිය කට උත්තර ලබාගෙන තිබේ.

මෙම සංගීත කණ්ඩායම ගම්පහ, යක්කල සහ ඒ අවට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් බවද සංගීත සංදර්ශන, විවාහ මංගල්‍ය සහ සමාජශාලාවල ගීත ගැයීම සහ වාදනය සිදුකරන බවත් පොලිසිය කියයි.

සැකකරුවන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ අධීක්‍ෂණය මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගරුසිංහ ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img