Sunday, April 27, 2025

කාජල් එපා කිව්ව Blockbusters චිත්‍රපටි 08…

Published:

බොලිවුඩ් සිනමාවට ආදරය කරන රසිකයන් ගෙ ආදරය අඩුවක් නැතිව දිනාගත්ත තාරකාවියක් තමයි කාජල් කියන්නෙ. ඇය රගපෑ චිත්‍රපට රසිකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගනු ලැබුවා. එසෙ රසිකයන් ආදරයෙන් වැළඳ ගත්ත චිත්‍රපට වගේම ඇය විසින් ප්‍රතික්ෂේප කරපු චිත්‍රපට ද තියෙනවා කියල ඔයාල මීට කලින් අහලා තිබුනද? ඉතින් අද කියන්න හදන්නෙ අන්න ඒ විදිහට කාජල් විසින් එපා කියපු Blockbusters චිත්‍රපට 08 ක් ගැන විස්තරයක්. සමහරවිට ඔබ මෙ ගැන මීට කලින් අහලා ඇති ඒ වගේම අහපු නැති අයත් ඇති ඒ නිසා මම හිතුවෙ දන්න නොදන්න දෙගොල්ලොන්ටම කියවන්න මෙ ලිපිය ඔයාලගේ සම්මුකයකට අරගෙන එන්න හිතුනා. ඉතින් තව වැඩි කතා නැතුව හැමෝටම ආරාධනා කරනවා මෙතැන් සිට මෙ ලිපිය කියවන්න කියල…

  1. 3 Idiots
    3 idiot චිත්‍රපටය අධ්‍යක්ෂණය කල රාජ්කුමාර් හිරානි Pia ගේ චරිතය මුලින්ම කාජල් හට ලබාදුන්නත් කාජල් ඉට අකමැති වූ නිසා අවසානයේ එම චරිතයට කරීනා කපුර් විසින් රංගන දායකත්වය ලාබාදුන්නා . කාජල්ට චිත්‍රපටයේ විශාල චරිතයක් අවශ්‍ය වූ නිසා එම චරිතය තමන් භාර නොගන්නට තීරණය කළා කියලයි ඇය කියා සිටියේ.
  2. Dil Se..
    කුච් කුච් හෝතා හේ චිත්‍රපටයේ මේඝනාගේ චරිතය සදහා කාජල් ට ආරාධනා ලැබුණත් ඇගේ කාල සටහන් වල පැවති ගැටළුකාරී තත්වයක් මතු උ නිසා ඇයට මෙ චරිතය අතහැර දමන්නට සිදු උනා. පසුව මෙ සදහා මනීෂා කොයිරාල ට ආරාධනා හිමි වූ අතර ඇය විසින් මේඝනාගේ චරිතය සදහා සිය රංගන දායකත්වය ලබා දුන්නා.
  3. Kabhi Alvida Naa Kehna
    කාජල්ට මායාගේ චරිතය ලබා දුන්නත් එම චරිතයේ තේරීම්වලට ඇය එකඟ නොවුනු නිසා පසුව එම චරිතයට රාණි මුකර්ජි විසින් සිය රංගන දායකත්වය ලාබාදුන්නා.
  4. Gadar: Ek Prem Katha
    සකීනාගේ චරිතය සඳහාත් මුලින්ම කාජල් හට ලබාදුන්නත් ඇය එම චරිතය පිළිබදව එතරම් කැමැත්තක් දක්වා නැති අතර කාජල් විසින් එම චරිතය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවසානයේ එම චරිතය සඳහා අමීෂා පටෙල් තෝරා ගනු ලැබුවා.
  5. Dil To Pagal Hai
    යෂ් චොප්‍රාට මුලින් අවශ්‍ය වූයේ කාජල් නීෂාගේ චරිතයට පණ පෙවීමටයි, නමුත් ඇය එම චරිතය අත්හැර දැමු නිසා ඒ සඳහා කරිෂ්මා කපූර් හට ආරාධනා කල අතර ඇය විසින් එම චරිතයට සිය රංගන දායකත්වය ලබා ලබා දුන් අතර ඇයගේ රංගනය වෙනුවෙන් ජාතික චිත්‍රපට සම්මානයක් දිනා ගන්නට ඇයට හැකි වෙනවා.
  6. Veer Zaara
    ෂාරුක් ඛාන් සමඟ සාරා ගේ චරිතය රඟපාන ලෙස කාජල්ගෙන් ඉල්ලා සිටියත් ඇය විසින් එය ද ප්‍රතික්ෂේප කල නිසා අවසානයේ එම චරිතයට පණ පෙවීමට ප්‍රීති සින්ටා තෝරා ගැනුන අතර ඇය විසින් මෙම චරිතයට පණ පොවමින් විශිෂ්ට රංගනයක නිරත උනා.
  7. Mohabbatein
    ආදිත්‍ය චොප්රාට මේඝාගේ චරිතය සඳහා කාජල් අවශ්‍ය උනත් ඇය විසින් එම චරිතය ප්‍රතික්ෂේප කිරීම නිසා ඓශ්වර්යා රායි බච්චන් හට එම ලබා දීමට තීරනය කෙරුනා. ඒ අනුව එම චරිතයට ඇය විසින් සිය රංගන දායකත්වය සපයනු ලැබුවා.
  8. Mohra
    මොහ්රා හි මෝනාගේ චරිතය ද කාජල් ප්‍රතික්ෂේප කළ නිසා පසුව ඒ සදහා රවීනා තන්ඩන් චරිතයට පණ පෙවීම සිදු කලා.

කාජල් තමන් කිරීමට කැමති දේ පිළිබඳ දැඩි හැඟීමක් ඇති නිලියක් ලෙස පෙනුනත් ඇය මෙසේ දැවැන්ත චිත්‍රපට ප්‍රතික්ෂේප කලත් ඇය බොලිවුඩ් සිනමාව තුළ රසික ආදරය විශාල වශයෙන් දිනාගත් හරිම ආදරණීය තාරකාවක්

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img