Monday, April 28, 2025

ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත්වෙයිද

Published:

2028 ලොස් ඇන්ජලීස්වල පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, වසර 128කට පසුවයි.

1896 ඇතැන්ස්හි පැවති ඔලිම්පික් උළෙලේ ලැයිස්තුගත ක්‍රීඩා අතරට ක්‍රිකට් ක්‍රීඩාව නම් කරන ලද නමුත් එය ඉදිරියට ගෙන යාමට නොහැකිව ඇත්තේ සීමිත කණ්ඩායම් ප්‍රමාණයක් සිටි නිසා බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

1900 දී පැරිසියේ පැවති ඔලිම්පික් උළලේදී ප්‍රථම වරට ක්‍රිකට් තරග පවත්වා ඇත්තේ ප්‍රංශය සහ එංගලන්තය අතරයි.

එහිදී ලකුණු 158කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

ජයග්‍රාහක එංගලන්ත කණ්ඩායමට එහිදී රිදී පදක්කමක් සහ ප්‍රංශයට ලෝකඩ පදක්කමක් ප්‍රදානය කර ඇති අතර, පසු කාලීනව එම පදක්කම් රන් සහ රිදී බවට පරිවර්තනය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, baseball/softball, flag football, lacrosse (sixes) සහ squash යන ක්‍රීඩාවන් ද 2028 ඔලිම්පික් ක්‍රීඩාවන්ට ඇතුළත් කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img