දීපිකාට මුල්ම හොලිවුඩ් ආරාධනා ව ලැබෙන්නේ වින් ඩීසල්ගෙන් Fast And The Furious 7 චිත්‍රපටය සදහා.නමුත් ඇය මේ චිත්‍රපටයේ චරිතය ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතු වෙන්නේ ඇයට ප්‍රදාන චරිතයක් නොලැබීම නෙමෙයි .බොලිවුඩයේ කිහිප දෙනෙක්ම හොලිවුඩ් චිත්‍රපට ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රදාන චරිත නොලැබීම නිසානේ.


හැබැයි දීපිකාට ලැබෙන්නේ ප්‍රදාන චරිතයක් .නමුත් ඇය ඒ වෙද්දි ෂාරුක් ඛාන් එක්ක ප්‍රධාන චරිතයක් රඟපාන ‘Happy New Year’ චිත්‍රපටයේ වැඩ කටයුතු වල නිරත වෙමින් ඉන්න නිසා තමයි මේ චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්නේ.මේ හින්දා දීපිකා ඒ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළත් හොලිවුඩ්වල තමන්ගේ සටහන තියන්න දීපිකාට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. 2017 දී XXX: Return of Xander Cage චිත්‍රපටයේ වින් ඩීසල් සමග රඟපාමින් ඇය හොලිවුඩයේ තම නම සලකුණු කරනවා.