අපි ගොඩ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ එක්කෝ හදිසියට සේරම බඩු ටික ඉක්මනට ගන්න ඔන නිසා. නැති නම් පොඩි ක්ලාසි ගතියක් මේන්ටේන් කරන්න ඔන නිසා.. කොහොම උනත් සූපර් මාර්කට් එකට ගියාම මාර ලස්සනට බඩු අහුරලා තියෙද්දි ගන්නමයි හිතෙන්නේ..ඒක තමයි ඒකේ රහස..නොගන්න ගිය දෙයක් උනත් ගන්නවා..ඒ අතර ඔය එලවලු පලතුරු කපල ලස්සනට පැක් කරල තියල තියනවා නේද..අපිත් ඉතින් පොඩ්ඩක් ලාභ නිසාත් එහෙමම කන්න පුලුවන් නිසාත් Cut Fruits, Cut Vegetable ගන්නවා..අද මං කියන්නේ ඒක අස්සේ තියන කටුක ඇත්ත..
මාස කිහිපයක් එවායෙ වැඩ කරපු අය අපිට මෙහෙම කිවා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා..
සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..මොනා කරන්නද ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..

අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒව හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච මස් මාලු තියනවනම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග්රිල් කරලා එහෙමන නැතිනම් බාබ කිවු දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යන