තලපති විජෛ කොලිවුඩ් සිනමාවට බිහිවූ අද්විතීය මෙන්ම සුපිරි තරුවක් බව කිව්වොත් ඒ ගැන කිසිම තර්කයක් නැ. ඉන්දියානු සිනමාව තුළ ඉහලම ස්ථානයක වැජඹෙන නළුවන් අතර විජෛ හට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. දමිළ සිනමාවේ වඩාත් කාර්යයබහුල නළුවෙක් වගේම ඉන්දියාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සුවහසක් දමිළ සිනමා රසිකයින් ගේ ආදරය ඉතා ඉහලින් ලබාගෙන තියෙන තරුවක් කියන එක නොරහසක්. දමිළ සිනමාවේ තලපති යන නාමයෙන් හඳුන්වනු ලබන විජෛ මෙ වන විට චිත්‍රපට 67 ක් සදහා සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 1974 ජූනි මස 22 වන දින ඉන්දියාවෙ චෙන්නායි හිදී ජෝශප් විජෛ චන්ද්‍රසේකර් උපත ලබනවා.
තලපති විජෛ රංගනයෙන් දායක වු චිත්‍රපට කිහිපයක් ගැන යමක් කිවහොත් Leo, Varisu, Bigil , Mersal , Sarkar,Master , Beast, Theri, Thuppakki, Kaththi වැනි චිත්‍රපට ලොව පුරා ඉහල ආදායම් වාර්තා තැබූ චිත්‍රපට විදිහට ඉන්දීය දමිල සිනමා ඉතිහාසයට එකතු වෙනවා.
ඉතින් අද මම කතාකරන්න යන්නෙ තලපති විජෛ ගැන ඔබ සමහර විට මින් පෙර අසා නැති අපූරු දේවල් කිහිපයක් ගැන.
- විජෛ දමිළ සිනමාව තුළ Thalapathy ලෙස හදුන්වන්නෙ ඇයි කියල දන්නවාද..?
විජෛ කියන්නෙ දමිළ සිනමාව තුළ අතිසාර්ථක නළුවෙක්.තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන නළුවෙක්. 1994වසරේ දී තිරගත උන Rasigan චිත්‍රපටය විජෛ ගේ සිනමා ජීවිතයේ ප්‍රථම සාර්ථක චිත්‍රපටය විදිහට හදුන්වා දෙන්න පුලුවන්. බොහෝ දෙනෙක් සිතන්නේ තලපති යන නම ඔහුගේ නමේ කොටසක් කියල.ඔහුට මෙම තලපති යන නාමය ලැබෙන්නෙ මෙන්න මෙ Rasigan චිත්‍රපටයේ ඔහු පෙන්වූ විශිෂ්ට රංගන ප්‍රතිභාව නිසා කියලයි සදහන් වෙන්නෙ. නායකයා යන පදය දමිළ භාෂාවේදී තලෛවර් යන නමින් හදුන්වන අතර තලපති යන නාමය ඉන්බිදී සැකසුනු එකක් බවද සදහන් වෙනවා. තලපති කියන වචනයට commander එහෙම නැත්නම් (හමුදාවක) සේනාධිපති කියන තේරුමකුත් තියෙනවා කියලා අහලා තියෙනවා. Leo සක්සස් මීට් එකේදි විජෙයිගේ speech එකේ අන්තිමට එයා කියනවා “ඕගොල්ලෝ (එයාගේ රසිකයෝ එහෙමත් නැත්නම් සාමාන්‍ය මිනිස්සු) තමයි රජවරු… මම ඔයාලගේ තලපති” කියලා… ඒකෙන් අදහස් කලේ තලපති එහෙමත් නැත්නම් සේනාධිපති කියන්නේ හැමතිස්සෙම රජුට පහළින් තියෙන තනතුරක් කියන එක. - විජෛ ට කුඩා කල දීම අහිමිව ගිය සහෝදර සෙනෙහස… විජෛ සිනමාව තුළ චණ්ඩියෙක් උනාට විජෛ කියන පුද්ගලයා සැබෑ ජීවිතයේදී ගොඩක් සංවේදී නිහතමානී අව්‍යාජ මනුස්සයෙක්. විජෛ ගේ ජීවිත කතාව දිහාවට මදක් හැරිලා බැලුවොත් විශේෂයෙන්ම ඔහුගේ ලමා අවධිය ගැන පොඩ්ඩක් විපරම් කරල බැලුවොත් හරිම අනුවේදනීය සිදුවීමක් මෙ කාලය තුළ සිදුවෙනවා. ඒ තමයි විජෛ කුඩා කාලයේ දී ඔහුට වයසින් බාල සොහොයුරියක් ඉන්නවා ඇගේ නම විද්‍යා චන්ද්‍රසේකර්. විජෛ කුඩා කාලයේ දී හරිම කටකාර දඟකාර චරිතයක්. නමුත් ඔහුට වයස අවුරුදු නවයේ දී තමන් ගොඩක් ආදරය කරපු තමන්ගේ එකම සහෝදරිය මිය යනවා. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු දෙකයි. තමන් පණ වගේ ආදරය කරපු සහෝදරියගේ වියෝව ඔහුට ගොඩක් කම්පනය ගෙන දුන් සිදුවීමක් බවට පත්වෙනවා. එය කෙතරම් ඔහුට බලපෑම් කරාද කියලා කියනවා නම් ඔහුගේ හැසිරීම් රටාව සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා මෙ සිදුවීමත් එක්ක. අදටත් තමන්ට ඒ සිදුවීම අමතක කල නොහැකි එකක් බව වරෙක මාධ්‍යයට ඔහු සදහන් කරලා තියෙනවා. ඒ වගේම තමන්ගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ නමට තමන්ගේ නන්ගි ගේ නම ද එක් කරමින් VV Productions ( Vidhya-Vjay Productions) ලෙස නම තබන්නෙ අයියාගේ ලොව තුළ නන්ගි නොනැසී සදහටම ජීවත්වන බව මතක් කරමින්. විජෙයිගේ අම්මා, ශෝභා චන්ද්‍රශේකර් එයාගේ එක ඉන්ටර්වීව් එකකදී කියනවා, විජෙයිට එයාගේ නංගිව අමතක කරන්නම බැරි වුණ නිසා නංගිගෙ නම අනිත් පැත්ත හරවලා දුවට දාලා තියෙනවා කියලා.. නංගිගේ නම විද්‍යා, ඒ අනුව තමන්ගේ දුවගෙ නම දිව්‍යා කියල නම තැබුවා කියලයි ඇය වැඩිදුරටත් පවසලා තියෙන්නෙ.
- තලපති විජෛ සතුව පවතින වාහන එකතුව…
දමිළ සිනමාවේ සුපිරි නළු තලපති විජෛ සතුව ඉතාමත් මිළෙන් අධික වාහන එකතුවක් පවතිනවා. ඒ අනුව ඔහුගේ වාහන එකතුව තුළ Rolls Royce Ghost වර්ගයේ මෝටර් රථයක්, Audi A8 L වර්ගයේ මෝටර් රථයක්, BMW 7-Series වර්ගයේ මෝටර් රථයක්, BMW X6 මෝටර් රථයක්, Mercedes Benz GLA මෝටර් රථයක්, Land Rover මෝටර් රථයක්, Range Rover Evoque මෝටර් රථයක්, BMW-5 Series මෝටර් රථයක්, Ford Mustang මෝටර් රථයක්, Volvo XC90 මෝටර් රථයක්, Benz E350D මෝටර් රථයක්, BMW 3 Series මෝටර් රථයක්, Mini Cooper S මෝටර් රථයක් , Toyota Innova Crysta මෝටර් රථයක්, Maruti Suzuki Celerio මෝටර් රථයක් වශයෙන් මෝටර් රථ විශාල ප්‍රමාණයක් තිබෙන බව සදහන් වෙනවා. - කේරළය තුළ අල්ලු අර්ජුන් ගේ රසික ආකර්ෂණයට පමණක් දෙවනි වන විජෛ ගේ රසික ආකර්ෂණය… තෙලිගු සිනමාවේ Stylish Star ලෙස හදුන්වන ජනප්‍රිය නළුවෙකු වන අල්ලු අර්ජුන් ට ආදරය කරන විශාල රසිකයන් ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක් විදිහට ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තය හදුන්වන්න පුලුවන්. ඒ අනුව ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තය තුළ අල්ලු අර්ජුන් ගේ චිත්‍රපට වලට විශාල රසික ප්‍රතිචාර හිමි කරගන්නා අතර ඉන් පසුවට දෙවැනි තැනට කේරළය තුළ වැඩිම රසික ප්‍රතිචාරයක් හිමිකරගන්නා නළුවා වන්නෙ තලපති විජෛ. විජෛ ගේ මලයාලම් බසින් හඩකවන ලද චිත්‍රපට වලට තියෙන රසික ප්‍රතිචාර මලයාලම් භාෂාවෙන් නිර්මාණය වන චිත්‍රපට වලට වඩා ඉතාමත් ඉහල බවයි සදහන් වෙන්නෙ. ඒ විතරක් නෙවයි විජෛ Adaptod son in Kerala කියලත් හඳුන්වනවා.
- ටොම් කෲස් ගේ නිවසට සමානව තම නිවහන තැනූ තලපති විජෛ…
දමිළ සිනමාවේ දැවැන්ත චරිතයක් වන තලපති විජෛ හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන ටොම් කෲස් ගේ හොඳ රසිකයෙක්. චිත්‍රපට රූගත කිරීම් සහ පුද්ගලික සංචාර සදහා කිහිප සැරයක්ම එක්සත් ජනපදයට ගිය විජෛ හට එසේ ගිය එක් සංචාරයකදී හොලිවුඩ් නළු ටොම් කෲස් ගේ වෙරළ ආශ්‍රිතව ඉදිකළ නිවස නරඹන්න අවස්ථාවක් ලැබුනු අතර ඒ ආශ්‍රය කරගෙන ඒ හා සමානව තමන්ගේ නිවසත් හැදුවා කියල තමයි වාර්තා වෙන්නෙ. විජෛ ගේ මෙ නිවසේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 80 ක් බවයි සදහන් වෙන්නෙ. - සිනමාවට පිවිස කෙටිකලක් තුළ ගරු බුහුමන් ලද විජෛ… දමිළ සිනමාව තුළ අතිසාර්ථක නළුවෙක් ලෙස විජෛ හදුන්වා දිය හැකි අතර ඔහු සිනමාවට පිවිස වසර හයක් වැනි කෙටි කාලයක් තුළ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉහලම කලා සම්මානය වන කලෛමානි ගෞරව සම්මානය ද දිනාගන්නට මෙ සුපිරි තරුව සමත් වෙනවා. එමෙන්ම ඉන්දියාවෙ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන MGR සරසවියෙන් මෙ සොදුරු කලාකරුවා හට ආචාර්යය උපාධියක් ද පිරිනමන්නට ද කටයුතු කරලා තියෙනවා.
- විජෛ සතු වත්කම්…
විජෛ අවස්ථා හතකදී ඉන්දියානු Forbes සගරාව විසින් නිකුත් කරන Forbes India’s Celebrity 100 ලැයිස්තුවට ඇතුළත් වී ඇති අතර ඔහු ඉන්දියාවේ සිටින ධනවත් නළුවෙකු ලෙස හදුන්වා දෙන්න පුලුවන්.තලපති විජෛ ගෙ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 56 ක් කියල තමයි සදහන් වන්නෙ. එය ඉන්දියානු රුපියල් වලින් සදහන් කලහොත් එය ඉන්දියානු රුපියල් කෝටි 445 ක් ලෙස තමයි සදහන් වෙන්නෙ.ඒ වගේම දමිළ සිනමාවේ මෙන්ම ඉන්දියාවෙ සිටින අතිසාර්ථක නළුවෙක් විදිහට ඔහු සෑම වසරකම ඉන්දියානු රුපියල් කෝටි 120 ක මුදලක් උපයන බවයි ඉන්දියානු වාර්තා සදහන් කරන්නේ. - පුද්ගලික ජීවිතය…
කොලිවුඩ් සිනමා සුපිරි නළු තලපති විජෛ ශ්‍රි ලංකාවෙ උතුරු පළාතේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක වූ සංගීතා සෝණලිංගම් සමග වර්ෂ 1999 දී විවාහ වූ අතර එම යුවලට දාව ජේසන් සංජෛ සහ දිව්‍යා ශාශා ලෙස පුතෙකු සහ දියණියක වනවා. විජෛ ගේ නම මෙ වෙද්දී සිනමා සම්මාන උළෙලේවල් 35 ක් සදහා නිර්දේශ වී ඇති අතර ඉන් සම්මාන 13 ක් තමන්ගේ නමට හිමි කරගන්නට සමත් වෙනවා.
සිනමාව සමග ඔහු කෙතරම් කාර්යයබහුල උනත් සමාජ සේවා කටයුතු වලටත් ප්‍රමුඛත්වයක් ලබාදෙන්න ලබාදෙන්න අමතක කරන්නෙ නම් නැ. මෙ සම්බන්ධයෙන් ඔහු වරෙක කියා සිටියේ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උපකාර කිරීම තමාට ඉමහත් තෘප්තියක් සහ ප්‍රීතියක් ලබා දෙන බවයි. 2009 දී ඔහු සමාජ සුබසාධන සංවිධානයක් වන Vijay Makkal lyakkam සංවිධානය ආරම්භ කළේය. මෙම ආකර්ශනීය සිනමා තරුව ළමා ශ්‍රමය, දරිද්‍රතාවය සහ අධ්‍යාපනය නොමැතිකම ආදි සමාජ විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කතා කරන චරිතයක්. රජයේ රෝහලක අලුත උපන් බිළිඳුන්ට රන් මුදු තෑගි කරමින් වරක් ඔහු සිය උපන්දිනය සැමරීමට විරුද්ධව චෝදනා ද එල්ල උනා.
සිනමාව තුළ අතිසාර්ථක ගමනක් ආරම්භ කළ ඔහු අද වෙද්දී ලොව පුරාවට විසිරී පැතිරී සිටින අතිවිශාල රසික ආදරයක් ආකර්ෂණයක් දිනාගත්ත නළුවෙක්. නමුත් ඔහු සිනමාවට සමු දී දේශපාලන කටයුතු සමග එක් වන බව පසුගිය දිනෙක නිවේදනය කර තිබුණු බව මෙ වන විට හැමෝම දන්න කරුණක්. විජෛ 2026 වසරේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය මහමැතිවරණයට තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරමින් තමන්ගේ දේශපාලන පක්ෂය වන TVK පක්ෂයෙන් දේශපාලන පිටියට පිවිසීමට කටයුතු කරගෙන යනවා කියල තමයි සදහන් වන්නෙ. කෙසෙ වෙතත් ඔහු සිනමාවෙන් මෙ විදිහට සමු අරගෙන ගියත් සිනමාව තුළ ඔහුගේ මතක සටහන් තවත් කාලයක් පුරාවට නොනැසී පවතීවි සහ ඔහුගේ ඉවත් වීමෙන් හිස් වන ඒ අඩුව පිරවීමට තරම් දක්ෂයෙක් දමිළ සිනමාව තුළ නැති බව නම් නොරහසක්