Sunday, April 27, 2025

අයිශ්වර්‍යාට නඩු දැමූ ගැහැණු. …

Published:

මේ අයුරින් අයිශ්වර්‍යාට නඩු වැටෙන්නේ Guzaarish චිත්‍රපටියේ රඟපෑමෙන් පසුවයි.”සොෆියට” අහවල් කෙන්ගෙඩියකට නඩු දාලද කියලා කල්පනා කරන්න ඇති.. නමුත් ඉන්දියාවේ කාන්තා සංවිධානයක් විසින් සොෆියා ලෙස රඟපෑ සුරූපී අයිශ්වර්‍යා රායිට විරුද්ධව නඩුවක් දානවා..කාරණය වන්නේ..
ඔත්පල රෝගියෙක්‍ ලිංගිකව වරදට පොළබවා ගන්න අයුරු පෙන්වමින් සමාජයට වැරදි ආදරශයක් ලබා දීම යන්න මුල් කරගෙනයි.. කල්පනා කරා නේද සොෆියට ඒ තරම් අමාරුවක් තිබුනද කියලා..
සොෆියා කරපු එකම වරද? ආදරය සහ ජීවිතය අහිමිව යන ඔත්පල වූ ඊතන්ට ආදරය කරපු එකද? අනේ මන්දා ඉතින්… කොහොමහරි අධිකරණය විසින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුන නිසා ගැහැනු ටිකට නඩුව අකුලගෙන යන්නට වෙලා තිබෙනවා..
ඒ ඔහොම වෙතත්.. අයිශ්වර්‍යා පෙනී සිටි මෙහි පූර්ව ප්‍රචාරකන්පටයේ වූ සිගරැට් බොන දර්ශනයටත් නඩුවක් වැටෙනවා…ඒ වගේම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමඟම ඉන්දියාවේ දිල්ලි මහාධිකරණයේ නීතීඥයෙකු රිතික්ගේ චරිතයට අනායාස ඝාතනය ඉන්දියාවේ නීති විරෝධී බව පෙන්වමින් නඩුවක්ගොනු කරන්නේ එය පෙන්වීම හේතුපාදක කරගෙනයි.. කෙසේ වෙතත් අධිකරණය මෙම පෙත්සමත් නිෂ්ප්‍රභා කිරීම කටයුතු කරනවා..
කොහොම හරි සංජේ ලීලා බංසාකිගේ තවත් මැජික් එකක්නේ මේ චිත්‍රපටියට පෙර් නඩු වැටීම සහ චිත්‍රපටිය තිරගත වන කාලය වෙන කොට නඩු අතුරුදහන් වීම ඉතින් මේ කතාත් සුපුරුදු ලෙසම චිත්‍රපටිය තිරගත වන කාලයේම යටපත් වී යනවා..

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img