Sunday, April 27, 2025

සීතා මහාලක්ෂ්මී චරිතයට පණ දුන් සුරූපිනිය ගැන උපන්දිනය දා තබන සටහනක්

Published:

“සීතා මහාලක්ෂ්මී” මෙ නම ඔබෙ මතකයේ කොහේ හෝ රැදී තියෙනවා නම් අනිවාර්යෙන්ම චිත්‍රපටය මොකක් ද කියල ඔයාල දන්නවා. ඔව්… Sita Ramam චිත්‍රපටය. ඉතින් අද කියන්නෙ චිත්‍රපටය ගැන නම් නෙවෙයි. භාරත සිනමා අහස ආදරයෙන් පාට කල ඒ ප්‍රේමණීය සිනමා සිත්තමෙ සීතා මහාලක්ෂ්මී ට පණදුන් ඇය ගැනයි.
ඉතින් අද දවස අනික් දවස් වලට වඩා මට ගොඩක් විශේෂයි. ඇයි කියල දන්නවද අද තමයි මම ගොඩක් ආදරය කරන නිලිය Mrunal Thakur ගේ උපන්දිනය… ඉතින් අද මගේ ලිපියෙන් ඇය ගැන කතා කරන්න කලින් ඇයට ඉදිරි වැඩ කටයුතු සියල්ල සිතන පරිද්දෙන්ම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා..! කියල ඉස්සරවෙලාම ප්‍රාර්ථනා කරනවා…..
වර්ෂ 1992 අගෝස්තු මස 01 දා ඉන්දියාවේ Dhule වල තමයි ම්රුනාල් තාකූර් උපත ලබන්නේ. වෘත්තියෙන් බැංකු කළමනාකාරවරයෙකු වූ උදේසිං තාකූර් ට සහ ඔහුගේ බිරිඳට දාව දරුවන් දෙදෙනෙකු ගෙන් යුතු පවුලක දෙවැනි දරුවා ලෙස තමයි ම්රුනාල් උපදින්නේ. ලෝචන් තාකූර් නමින් ඇයට වැඩිමල් සොහොයුරියක් ද වනවා. ම්රුනාල් St. Joseph’s Convent School, Jalgaon, සහ Vasant Vihar High School යන පාසල් වලින් අධ්‍යාපනය ලබන අතර පාසැල් අධ්‍යාපන කටයුතු අවසන් කොට උසස් අධ්‍යාපන කටයුතු සදහා ඇය මුම්බායි වල පිහිටි Kishinchand Chellaram College නම් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව මහජන සන්නිවේදනය පිළිබද උපාධිධාරිනියක් ලෙස සාර්ථකව අධ්‍යාපන කටයුතු අවසන් කරනු ලබනවා.


අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඇය ටික කාලයක් ඉන්දියාවෙ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියක් ලෙස ද කටයුතු කල අතර ඇය තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරන්නෙ 2012 වසරේදී. ඒ 2012 වසරේ තිරගත වු Mujhse Kuchh Kehti…Yeh Khamoshiyaan කියන ටෙලි නාට්‍යය හරහා.
ඒ විදිහට සිය මාධ්‍ය ජීවිතයට 2012 වසරේ දී සමුදෙන ම්රුනාල් එතැන් සිට නිලියක ලෙස රංගන ක්ෂේත්‍රය තුළ කටයුතු අරඹනවා. ඒ අනුව 2014 වසරේ තිරගත වූ Vitti Dandu නම් මරාති චිත්‍රපටයේ සන්ධ්‍යා නම් චරිතයට පණ පොවමින් සිනමාවට ප්‍රවිෂ්ටයක් ලබාගන්නවා. ඉන්පසුව එම වසරේම තිරගත උන Surajya කියන මරාති චිත්‍රපටයත් ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා. මෙ විදිහට සිනමාව තුළ ගමනක් ආරම්භ කළ ම්රුනාල් 2016 වසරේ තිරගත උන Love Sonia චිත්‍රපටය හරහා හින්දි සිනමාවට පය තබනවා. මෙලෙස සිනමාව තුළ ඇය Love Sonia, Super 30, Batla House, Ghost Stories, Toofaan, Dhamaka, Jersey, Sita Ramam, Selfiee, Gumraah, Lust Stories 2, Pippa, Hi Nanna, Family Star යනාදී වශයෙන් චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. මෙ චිත්‍රපට අතරින් 1. Sita Ramam, 2. Hi Nanna , 3. Love Sonia, 4. Jersey, 5. Super 30, 6. Gumraah, 7. Pippa, 8. Toofaan, 9. Dhamaka, 10. Batla House කියන චිත්‍රපටි ම්රුනාල් රංගනයෙන් දායක උන හොදම චිත්‍රපට 10 ක් විදිහට පෙන්වන්න පුලුවන්.
මෙ අතරින් ම්රුනාල් තාකූර් තමන්ගේ විශිෂ්ට රංගන හැකියාව පෙන්වපු හොදම චිත්‍රපට දෙකක් විදිහට මෑත කාලයේ තිරගත උන Sita Ramam චිත්‍රපටය සහ Hi Nanna චිත්‍රපටය පෙන්වා දෙන්නට පුළුවන්. 2022 වසරේ දී තිරගත උන Sita Ramam චිත්‍රපටය හරහා ඇය මහත් රසික ආකර්ෂණයක් දිනාගන්නවා කිව්වොත් ඒකෙ වරදක් නැහැ. Hanu Raghavapudi නම් සිනමා අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටයේ ජනප්‍රිය නළු දුල්කර් සල්මාන් සමග ම්රුනාල් තාකූර් ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා ඒ නූර් ජහාන් කුමරියගේ චරිතයට පණ දෙමින්.2022 එම චිත්‍රපටයෙන් ලද අතිසාර්ථකත්වය සමග 2023 වසරේ තිරගත උන Hi Nanna චිත්‍රපටය හරහා ද ඇය තම සිනමා ජීවිතය තුල සාර්ථකත්වයක් ලබා ගන්නවා. 2023 වසරේ තිරගත උන Hi Nanna චිත්‍රපටයේ දී ඇය නානී සමග ප්‍රධාන රංගනයෙන් දායක වෙමින් සිනමා රසිකයන් හට අමතක නොවන සිනමා මතකයක් ලබාදෙන්නට ම්රුනාල් හට හැකියව ලැබෙනවා. මෙ විදිහට ඇය භාරතීය සිනමා ලෝකය තුළ සාර්ථක ගමනක නියැළී සිටින අතර ඇයගේ රංගන හැකියාව අගයමින් හිමිකරගත් සම්මාන මෙන්න මෙ විදිහට පෙන්නලා දෙන්න පුලුවන්.
🏆Filmfare Awards South
Hi Nanna – 2024 Nominee Filmfare Award – Telugu Film Industry (Best Actress)
Sita Ramam – 2023 Winner Filmfare Award – Telugu Film Industry (Best Actress)
🏆South Indian International Movie Awards
Hi Nanna – 2024 Nominee SIIMA – Telugu (Best Actress in a Leading Role)
Sita Ramam – 2023 Nominee SIIMA – Telugu (Best Actress in a Leading Role)
Sita Ramam – 2023 Winner SIIMA – Telugu (Best Debutant Actress)
Sita Ramam – 2023 Winner SIIMA – Telugu (Best Actress: Critics)
🏆London Indian Film Festival, UK
Love Sonia – 2018 Winner Best Newcomer Award (Best Newcomer Award)
🏆HELLO! Hall of Fame Awards, India
Sita Ramam – 2023 Winner HELLO! Hall of Fame Awards – South (Rising Star of the Year)
🏆Swedish International Film Festival
Hi Nanna – 2024 Winner Jury Prize (Best Acting Pair)
🏆Lions Gold Awards
Love Sonia – 2019 Winner Film Award -Critics Choice (Best Actress)
🏆Oniros Film Awards
Hi Nanna – 2024 Winner March Monthly Edition (Best Actress)
Hi Nanna – 2024 Winner March Monthly Edition (Best Acting Duo)
🏆Indian Film Festival Of Melbourne
Sita Ramam – 2023 Nominee IFF Award (Best Actress)
2023 Winner Honorary Award (Diversity in Cinema)
🏆FOI Online Awards
Love Sonia – 2018 Winner Special Mention
🏆Indian Telly Streaming Awards
Lust Stories 2 – 2024 Winner Popular Award (Best Actress in a Leading Role)
🏆Bollywood Life Awards
Lust Stories 2 – 2024 Nominee Bollywood Life – OTT Award (Best Actress – Hindi – Movies)
Sita Ramam – 2023 Winner Bollywood Life – South Movies Award (Best Actress)
🏆Lokmat Stylish Awards
2022 Winner Popular Award (Most Stylish Game Changer)
2021 Winner Popular Award (Most Stylish Rising Star (Female) )
🏆Pinkvilla Style Icons Awards
2024 Winner Pinkvilla Style Icons (Trendsetter of the Year – Female)
🏆Annual Kalakar Awards
Super 30 – 2020 Winner Hindi Film Award (Best Actress)
🏆International Iconic Awards
Hi Nanna – 2024 Winner Iconic Award (Best Actress – Critics)
Pippa – 2024 Winner Iconic Award (Best Actress in a Web Film)
2023 Nominee Iconic Award (Most Desirable Women of India)
Sita Ramam – 2022 Nominee Iconic Award (Best Actress)
යනාදී වශයෙන් විවිධ අවස්ථාවලදී සම්මාන උළෙල ගණනාවකට සිය නාමය නිර්දේශ වීම් සහ දිනාගත් සම්මාන මෙලෙස පෙන්වා දෙන්නට පුළුවන්.
ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන ඒ තමයි 2022 වසරේ තිරගත වෙච්ච Sita Ramam චිත්‍රපටය හරහා තෙලිගු සිනමාවට සාර්ථක ආරම්භයක් අරගත් අතර 2023 වසරේ තිරගත උන Hi Nanna තෙලිගු චිත්‍රපටය ද ඉතාමත් සාර්ථකත්වයක් ලබා ගන්නවා. හැබැයි මෙම වසරේ තිරගත උන විජෛ දෙවෙරකොණ්ඩා සහ ම්රුනාල් තාකූර් ප්‍රධාන රංගනයෙන් දායක වු The family star චිත්‍රපටයට නම් එතරම් සාර්ථකත්වයක් ලබාගන්නට හැකියාව ලැබෙන්නෙ නැහැ.
කෙසෙ වෙතත් ම්රුනාල් තාකූර් ගේ ඉදිරි සිනමා කටයුතු ගැන හොයලා බැලුවොත් ලබන අවුරුද්දේ ජනවාරි වල ම්රුනාල් තාකූර් සහ ත්‍රිෂා ක්‍රිෂ්ණන් ප්‍රධාන රංගනයෙන් දායක වන Vishwambara නමින් නව සිනමාපටයක් එන්න තියෙනවා. මීට අමතරව ඇය සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවට මත පල කෙරෙන චිත්‍රපටයක් ගැනත් තොරතුරු වාර්ථා වෙනවා. මෙ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වන්නෙ ප්‍රභාෂ්. නමුත් ප්‍රධාන නිළිය දැනට ගැටළුසහගතයි කියල තමයි සදහන් වෙන්නෙ. Sita Ramam චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අධ්‍යක්ෂක වරයාගේ මීළග සිනමා නිර්මාණය නිසා ඔහු ම්රුනාල් ගෙ නම ප්‍රධාන වශයෙන් යෝජනා කරලා තියෙනවා. නමුත් චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් ජාන්වී ගේ නම සහ රශ්මිකා ගෙ නම ද යෝජනා කර තියෙනවා කියල තමයි කියන්නෙ

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img