පහුගිය 2022 වසරේ තිරගත උන Gehraiyaan කියන චිත්‍රපටිය.Deepika Padukone, Siddhant Chaturvedi, Ananya Panday හා Dhairya Karwa මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.
මේ චිත්‍රපටියට බොහොමත් ලොකු විචාර අනම් මනම් ලියවෙච්ච නිර්මාණයක්. චිත්‍රපටය ආපු කාලෙ ටිකක් ආන්දෝලනයක් ඇති කරපු එකක්. මං කියන්නම්කෝ මට හිතෙන එක. මේකට කට්ටිය එකඟ නොවෙන්න පුලුවන්. ඇත්තම කාරණාව කොල්ලෙක් දුප්පත් නම් ඌට සල්ලි තියෙන්නේ සමාන්‍යය විදියට නම් අනිවා පුසල්ලිකාර කොල්ලෙක් ඒකිට ලයින් උන ගමන් කෙල්ල කොල්ලාට බුට තියනවාම තමයි. ඒ දේවල් වලින් ගැලවෙන්න එක එක නිදහසට කතා කියනවා. මට මේ ජිවිතේ හිස් කමක් දැනුනා. අනම් මනම් සේරම. ඇත්තම හිස්කම සල්ලි මේ කතාවත් අන්න ඒකම තමයි..

චිත්‍රපටයේ දිගහැරෙන කතාව ගැන කිව්වොත් අලිෂා හා කරන් මේ දෙන්නා ලිවින්ටු ගෙදර් විදියට ජිවත්වෙන්නේ.අලිෂා තමන්ගේම කියලා ඇප් එකක් හදාගෙන ඒක නිකුත් කරන්න හෙන ගේමක් දෙන අතරේ කරනුත් එයාගේම කියලා පොතක් ලියලා ප්‍රින්ට් කරන්න මහන්සිවෙනවා. අලිෂාගේ ඥාති සහෝදරියක් තමයි ටියා කියන්නේ.ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නේ වගේම සල්ලිබාගේ යහමින් ඇති කෙල්ලෙක්. එයාගේ පෙම්වතා තමයි සෙයින්.ඔහුත් ලොකු බිස්නස් එකක් කරන සල්ලි තියන පුද්ගලයෙක්.ටියා කාලේකට පස්සේ ඉන්දියාවට ආව නිසා අලිෂා හා කරන්ට කතා කරනවා ඔවුන්ගේ බිච් හවුස් එකේ නිවාඩුවක් ගත කරන්න යන්න. කොහොම හරි අලිෂාට සෙයින්ව හම්බවෙන්නෙත් මේ ගමන නිසා තමයි. අලිෂා හා සෙයින් ටිකෙන් ටික මිත්‍ර වෙනවා. සෙයින් පවා අලිෂාට පොඩි ලයින් එකක් අල්ලලා බලනවා වැඩේ හරියනවාද කියලා.. සෙයින් කියන්නේ එසේ මෙසේ කෙනෙකුත් නෙමෙයි ලොකු යාත්‍රාවක් කුලියට අරන් ඉන්න ලැන්ඩ් කෘසර් එකකින් එහේ මෙහේ යන නිවාස ව්‍යාපෘතියක් කරන්න ඉන්දියාවට ඇවිත් ඉන්න ව්‍යාපාරයක හිමිකාරිත්වය දරණ සල්ලිකාර කොල්ලෙක්.අනික සෙයින් අලිෂාගෙන් අහනවා එයාගේ ඇප් එක ඩිවලොප් කරන්න උදව්වකුත් දෙන්නද කියලා.අලිෂාත් මුලින් අදිමදි කලාට සෙයින්ගෙන් උදව් ගන්නවා. හැබැයි මේ හැමදෙයක්ම වෙන්නේ ටියා හා කරන්ට හොර රහසේ. වැඩි දවසක් යන්න කලින්ම සෙයින් එක්ක හොටෙල් එකක නිදනකාමරයෙන් තමයි අලිෂාගේ ගමන නිමාවෙන්නේ.අලිෂාටත් මේ අතර මැද කරන් එක්ක ජිවත් වෙන ජිවිතයට වඩා සෙයින්ගේ සල්ලිකාර ජිවිතේ හිතට අල්ලනවා. ටියා තමන්ගේ ඥාති සහෝදරියක් වෙලාත් මේ ඇය බදින්න ඉන්න පෙම්වතා බව දැන දැනත් ඇය සෙයින් එක්ක තියන සම්බන්ධය වඩාත් වැඩියෙන් කරන් යනවා. සෙයිනුත් ඇයට විවිධාකාර විදියට උදව් කරනවා. ඒ එක්කම දැන් අලිෂාට කරන්ගෙත් පොඩි පොඩි වැරැදි පෙන්න ගන්නවා. කතාවක් තියනවානේ එපා උනොත් දාලා යන්න හයියෙන් හචිමක් ගියාත් ඇති කියලා.ඉතින් මිනිස් සබඳතාවල ගැඹුරටම කිමිදෙන්න කැමති නම්, විඳින්න ආසනම්, මේ චිත්‍රපටිය තමයි ඒකට හරියනම චිත්‍රපටය.
ඉතින් මෙ චිත්‍රපටය නම් අනිවාර්යයෙන්ම කවුරුත් නරඹලා තියෙනවා කියල හිතනවා. ඒ වගේම බොලිවුඩ් සිනමාව තුළ අපි කවුරුත් දන්න කියන බොලිවුඩ් සිනමාවෙ නිළි රැජිණ සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ගේ රංගනය මෙ චිත්‍රපටය තුළ අතිවිශිෂ්ට රංගනයක් කියල කියන්න පුළුවන්