Saturday, April 26, 2025

සංගීත් අම්මාගේ හීනය ගැන කියූ ආදරණීය කතාව

Published:

”අපේ අම්මාගේ හිතේ තිබුණ තව ආසාවක් තමයි මාව පුළුල් තිරයේ දකින එක” බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පි සංගීත් ප්‍රභූ හරිම ආසාවෙන් අම්මාගේ හීනය ගැන කියූ ආදරණීය කතාව අපට දැකගන්න ලැබුණා.

ජීවිතයේ පියවර පියවර ඉහළට යන කොට බොහෝ දෙනෙක්ට සිදුවෙන දේ තමා මුල අමතක වෙන එක වුණත්, සංගීත් ඊට වඩා ගොඩක් වෙනස් තරුණයෙක්.

අනුරාධපුරේ ඉඳලා කොළඹ ආව සංගීත් අද මේ ඉන්න තත්වයට පත් වෙන්න නොකාපු කට්ටක් නැති තරම්.

ඒත් ඔහු තවමත් ශක්තිමත්.. ජීවිතේ ගැන දැනෙන බර නිසාම සංගීත් ගොඩක් දුර හිතලා වැඩ කරන තරුණයෙක් වෙලා.

ඔහුට ඒ වගේම හයියක් වෙන්න ජීවිතේට එකතුවුණ සහකාරියත් හේතුවක් වෙලා.

සංගීත්ගේ ආදරය දිනාගත්ත කස්තුරු ජයවර්ධන වගේම ඔහුගේ පවුලේ හිතවතුන් ඇත්තටම සංගීත්ට ලොකු හයියක්.

කොහොම වුණත් අම්මාගේ හීන හැබැවක් කරපු මේ ආදරණිය පුතා තවමත් ඔහුගේ පවුල ඉදිරියේ හරිම සවේදීයි.

මේ ඒ ගැන මෙන්න මේ විදිහට සංගීත් සති අන්ත පුවත්පතකට කියලා තිබුණා.

සංගීත් වගේම සංගීත්ගේ අම්මා දැකපු හීනයක් තමයි අද මේ සැබෑ වෙලා තියෙන්නේ.

අපේ අම්මාගේ හිතේ තිබ්බ තව ආසාවක් තමයි මාව පුළුල් තිරයේ දකින එක. චිත්‍රපටයක කොහොමද මාව පේන්නේ කියන එක. ඒ අවස්ථාව විතරයි මේ වෙනකම් මට පෙන්වන්න බැරි වුණේ. මම අම්මාට කිව්වා කවදාහරි දවසක චිත්‍රපටයකින් මාව පෙන්වනවා කියලා. ඒ වෙලාව තමයි මේ. හැබැයි අපි ඉන්න ඕනේ වෙලාව එනකම් නෙවෙයි. ඒ වෙලාව එන්න ඕනේ කරන කැපවීම් අපි කරොත් ඕනෙම දෙයක් අපිට ලැබෙනවා. අපි උත්සාහවන්ත වෙන තාක් කල් අපිට දේවල් ළඟා වෙනවා. මම හැම කෙනෙක්ටම කියන්නේ වෙලාව එනකම් බලන් ඉන්න එපා. වෙලාවට වැඩ කරන්න. එතකොට වෙලාව එනවා අපිට ඕනේ විදියට.

අනාගත බලාපොරොත්තු මොනවද?

මටම කියලා ගෙයක් හදන්න ආසයි.

අනුරාධපුරෙන් කොළඹට එද්දී මුලින්ම ආවේ කොට්ටාවට නිසා ව්‍යාපාර පටන් ගත්තේ කොට්ටාවෙනේ, එතකොට ගේ හදන්නෙත් කොට්ටාවේ ද?

අනිවාර්යෙන්ම. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ­්‍යයක් ගෙන දුන් නගරය කොට්ටාව. මගේ ජීවිතේ අතේ රුපියලක් නැතුව හිටියෙත් කොට්ටාවේ. හැබැයි ඒ රුපියල හොයා ගත්තෙත් කොට්ටාවෙන්. මගේ ජීවිතේ මාව වෙනස් කරපු නගරය කොට්ටාව. මම කොට්ටාව ටවුන් එකේම ඉඳලා ඇති එදා වේලවත් හොයා ගන්න බැරිව. මම ගොඩ ගියෙත් කොට්ටාවෙන්ම තමයි. කොට්ටාව කියන්නේ මට වාසනාව තියෙන නගරයක්. ඒ නිසා කොට්ටාව දාල යන්නේ නැති වෙයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img