මේ සැරේ ඔලිම්පික්වලට අලුතෙන්ම එකතුවෙන ක්‍රීඩාව තමයි බ්‍රේක්ඩාන්සින්. අගෝස්තු 9 වෙනිදාට තමයි මේකේ ප්‍රී කොලිෆයර්ස් පටන් ගන්නෙ. 2020 ඔලිම්පික්වල ඉඳන් යන ක්‍රමය තමයි අනිවාර්ය ක්‍රීඩා කාණ්ඩයක් සහ විකල්ප ක්‍රීඩා කාණ්ඩයක් පැවැත්වීම. අනිවාර්ය එහෙමත් නැත්නම් core sports වලට අමතරව සංවිධායක කමිටුවට පුළුවන් විකල්ප එහෙමත් නැත්තන් optional sports හයක් දක්වා ඇතුලත් කරන්න. මේ විකල්ප කාණ්ඩයට ඇතුලත් වෙන ක්‍රීඩා හැම ඔලිම්පික් එකකම දකින්න ලැබෙන්නෙ නෑ සමහර වෙලාවට. ඔය වගේ 2020 එකතු වුන කිහිපයක් තමයි ස්කේට්බෝර්ඩින්, 3×3 බාස්කට්බෝල් සහ සර්ෆින්.
මේ විකල්ප ෆැමිලි එකේ අලුත්ම ක්‍රීඩාව තමයි මේ අවුරුද්දෙ එකතු වෙන බ්‍රේක්ඩාන්සින්. ඉන්ට්‍රෙස්ටඩ් අයට මේක අගෝස්තු 9 ඉඳන් ෆලෝ කරන්න පුළුවන්.
මීට අමතරව ක්‍රිකට් රසිකයන්ට 2028 දි ඔලිම්පික්වල ක්‍රිකට් දකින්න ලැබෙයි. ඒ 2028 ඔලිම්පික්වල විකල්ප කාණ්ඩය යටතේ දැනට අනුමත ක්‍රීඩා කිහිපයට ක්‍රිකට් ඇතුලත් වෙලා තියෙන නිසා



