ආලියා භාත් මේ වන විට බොලිවුඩ් සිනමාවේ ඉහළම හිණිපෙත්තේ වැජඹෙන නිළියක බව කීවොත් කිසිවෙකුත් ඊට විරුද්ධ වෙන එකක් නැහැ. ඉන්දියාවේ මෙන්ම ලෝකයේ රටවල් රැසක ඇයගේ රසික රසිකාවියන් විසිර සිටිනවා. ලංකාවේත් ඇයට ආදරය කරන, ඇගේ රඟපෑම් අගය කරන සිනමාලෝලීන් විශාල සංඛ්‍යාවක් සිටින බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ සූදානම් වන්නේ ආලියාට ඇලුම් කරන අපේ සිනමා රසිකයන් වෙනුවෙන් ඇයගේ පෞද්ගලික ජීවන තොරතුරු ටිකක් කියන්නයි.


මේ වන විට 31 වැනි වියෙහි පසුවන ආලියා උපන්නේ 1993 මාර්තු 15 වැනි දින යි. ඇය උපත ලැබුවේ ඉන්දියාවේ වුවත්, ජීවත් වන්නේ ඉන්දියාවේ වුවත් ඇය ඉන්දියානු පුරවැසියකු නොවන බව බොහෝ දෙනකු නොදන්නා කාරණයක් විය හැකියි. ඇය සැලකෙන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියකු හැටියට යි. ආලියාගේ මව වන සෝනි රස්ඩාන් බ්‍රිතාන්‍යයේ උපන් කෙනෙක්. නමුත් ඇය කුඩා කාලයේ සිටම හැදුණේ වැඩුණේ ඉන්දියාවේ යි. ආලියා ද බ්‍රිතාන්‍ය පුරවැසියකු වී ඇත්තේ මවගේ මෙම පසුබිම නිසයි.
ආලියා ඉන්දියාවේ ප්‍රසිද්ධම සිනමා පවුලක සාමාජිකාවක්. ඇයගේ පියා වන මහේෂ් භාත් එරට ප්‍රධානම පෙෙළ් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහු සිනමා අධ්යක්ෂවරයකු හැටියටත් කටයුතු කර තිබෙනවා. ආලියාට වැඩිමල් සොහොයුරියක් ද සිටින අතර ඇයගේ නම ෂහීන්.
ආලියාගේ පියා මහේෂ් භාත් සෝනි රස්ඩාන් සමඟ විවාහ වීමට පෙර තවත් විවාහයක් කරගෙන සිටියා. ඔහුගේ පළමු බිරිය වූයේ කිරන් භාත්. එම විවාහයෙන් මහේෂ්ට දරුවන් දෙදෙනකු සිටින අතර ඒ පූජා භාත් සහ රහුල් භාත්. ඉතින්, ඔවුනුත් ආලියාගේ සමීප ඥාතීන්. මේ වන විට ජනප්‍රිය, දක්ෂ නළුවකු වන එම්රාන් හෂ්මි ද ආලියාගේ ඥාති සහෝදරයකු බව සඳහන්.
ඇය 12 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසු අධ්‍යාපන කටයුතු අවසන් කළා. ඒ රඟපෑමේ පිස්සුව තදින්ම හිතට කාවැදී තිබුණු නිස යි.
තමාගේ පියා