Saturday, April 26, 2025

අනුෂා සැමියා ගැන කියු කතාව

Published:

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි අනූෂා දමයන්ති කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධයි.

ඒ වගේම ඇයව අපිට නිතරම දකින්න ලැබෙන්නේ රිදී තිරයේ විවිධ නිර්මාණ හරහායි. පුංචි තිරයේ නිර්මාණවල නිතර ඇයව දකින්න නෑ.

ඇය පසුගිය උතුම් විවාහ ජීවිතයට පා තැබුවා.

ඉතින් ඔවුන් පෙම්වතුන් වෙලා ඉන්න කාල සීමාවේදී මුහුණ දුන්නු ගැටලු සහගත තත්ත්වයන් ගැන අදහස් ඉදිරිපත් කරල තිබේ මේ විදිහටයි.

“ඔව්. ඒක ඇත්ත. එයා මට ආදරේ කරන්නේ මගේ රංගනයට වඩා නර්තනය ට. 2008 වර්ෂයේ සිරස ඩාන්ස් ස්ටාර් එකත් එක්ක තමයි ඔහුව හඳුනා ගන්න ලැබෙන්නේ. ආදරේ ප්‍රකාශ කරලා පෙම්වතුන් වුණාට පස්සේ මට ඔයාව එපා කියන මට්ටමට එයා මට නීති දැම්මා. බොරු කියන්න ඕන නැහැ නේ. පළමු අවුරුදු දෙකේ නිතරම කෝල් කරන්න ඕන. වැඩකට ගියාට පස්සේ කොහෙද ඉන්නේ වාහනේට නැග්ගද කියලා අහලා කෝල් කරනවා. වැඩේ ඉවර වෙලා කියන්න ඕන. ගෙදර ගිය ගමන් කෝල් කරන්න ඕන. කෑවත් කියලා කන්න ඕන එහෙම අසීරූ කාලයක් තිබ්බා. ඒත් ඒ අවස්ථා හරි ලස්සනයි. නමුත් කරදරයක් විදිහට මම දැක්කා සම්බන්ධය නතර කරන්න ගියා. කෝල් කරේ නැත්නම් රණ්ඩු කරනවා.

ඊට පස්සේ අපි පරිනත වෙද්දී ඒවා වෙනස් වෙනවා. තේරුම් ගැනීම් විශ්වාසය හා අවබෝධය එක්ක ගමනක් යන්නේ කාලය එක්ක. එයත් මාත් තේරුම් ගත්තා. දැන් මම වැඩකට ගියොත් එයා කියන්නේ ෆ්‍රී වෙලාවක් තිබ්බොත් කතා කරන්න ඔයා බිසී නේ කියලා. මම හිතන්නේ අපි අවුරුදු දාහතරක් ආදරණීය විදිහට ජීවත් වුණේ අවබෝධය අසීමිත ආදරේ හා එකිනෙකාට ගරු කිරීම් නිසා වෙන්න ඇති”

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img