Sunday, April 27, 2025

අනියම් සම්බන්ධතාවලට යොමුවීම වැඩිවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න

Published:

2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ පවුල් ආරවුල් 1479කින් වැඩි වී තිබෙනවා.

ඉකුත් වසරේ රටේ සමස්ථ පවුල් ආරවුල් එක්ලක්ෂ දහතුන් දහස් එකසිය අසූ අටක් (113188) වාර්තා වී ඇති අතර 2022 වසරේ දී වාර්තා වී ඇත්තේ එක් ලක්ෂ එකළොස් දහස් හත්සිය නවයයි (111709).

ශ්‍රී ලංකා පොලිසිය විසින් 2023 වසරට අදාලව නිකුත් කර ඇති කාර්ය සාධන වාර්තාවේ මේ බව සඳහන් වනවා.

අනියම් සබඳතා නිසා ඇතිවන පවුල් අරවුල් 2023 වසරේ දී දස දහස් හාරසිය අටක් (10408) වාර්තා වී ඇති අතර 2022 වසරේ දී අනියම් සබඳතා නිසා ඇතිවන පවුල් ආරවුල් 9636ක් වාර්තා වනවා.

ඒ අනුව 2022 වසරට වඩා 2023 වසරේ අනියම් සම්බන්ධතා නිසා ඇතිවන ආරවුල් 772 කින් වැඩි වී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් හිරිහැරවීම්, නොසලකා හැරීම්, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධව 2023 වසරේ දී පැමිණිලි විසි දෙදහස් පන්සිය අසූ හතරක් (22584) වාර්තා වී තිබෙනවා.

විවාහක පවුල් සංස්ථාවෙන් බාහිර විවිධ හේතු නිසාවෙන්, එක් කාන්තාවකගෙන් හෝ පුරුෂයෙකුගෙන් සෑහීමකට පත්වන්න බැරි ලිංගික ආශාවන් නිසාවෙන්, ආදර නොමැති නිසාවෙන්, පවුල් ජීවිතය තුල ඇති වන විවිධ ගැටලු නිසාවෙන් අනියම් සම්බන්ධතා ඇති වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාල්ල ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img