Monday, April 28, 2025

11 හැවරදි දැරිය දුශණය කිරිමේ වරදට චුදිතයාට 60 වසරක සිර දඩුවමක්

Published:

වයස අවුරුදු 11ක් වන දැරියක් දූෂණය කිරීමේ වරදට චූදිතයෙකුට වසර 60ක බරපතළ වැඩ සහිත ව සිර දඬුවම් නියම කිරීමට මහනුවර මහාධිකරණය නියෝග කර තිබෙනවා.

පාසල් සිසුවියක් දූෂණය කර ඇය ගැබ් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරුට චෝදනා තුනක් යටතේ නඩු පැවරී තිබුණු අතර; ඔහු උසාවිය හමුවේ වරදකරු බවට තීරණය කෙරුණා.

ඒ අනුව මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.දර්ශිකා විමලසිරි මහත්මිය විසිනුයි අදාළ සැකකරු හට මෙම දඬුවම ලබාදෙනු ලැබුවේ.

විත්තිකාර පාර්ශ්වය පරණපට්ටිය, ජම්බුගහපිටිය වත්තේ කන්දසාමි වේලු ක්‍රිෂ්ණන් නමැත්තා බවත් ඔහු විසින් දැරිය දූෂණය කර ඇති බවත් හෙළි ව තිබෙනවා.

සැකකරු දැරියගේ සුළු පියා බවයි හෙළි ව ඇත්තේ.

විත්තිකරුට එක් චෝදනාවක් යටතේ රුපියල් 10,000 බැගින් දඩ නියම කළ අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට ද නියම කෙරුණා.

දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් සහ වන්දි ගෙවීම පැහැර හරින්නේ නම් වසර දෙකක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් නියම කිරීමටයි මහනුවර මහාධිකරණය නියෝග කළේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img