Monday, April 28, 2025

මාර ගහක් කළ හරියක්,මොටර් රථයක් සුණුවිසුනූ වේ

Published:

බදුල්ල නගරයේ කැප්පෙටිපොළ මාවතේ දී ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරක් ගැනයි.

මෙම මාර්ගයේ විශාල මාරගසක් මෝටර්රථයක් මතට කඩා වැටීමෙන් මෝටර් රථය ට දැඩි ලෙස අලාභහානි සිදුවී තිබුණා.

එසේම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා.

බදුල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ කැප්පෙටි පොළ මාවතේ මාර්ගය අසල තිබූ මෙම ගස කඩා වැටී ඇති බවයි.

එම ස්ථානයේ මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර්රථයක් මතට ගස කඩා වැටී ඇති අතර, එම අවස්ථාවේ මෝටර්රථය තුළ කිසිවෙකු නොසිටි හෙයින් මින් කිසිවෙකුට හෝ අනතුරක් සිදුව නැතැයි පොලිසිය සදහන් කර තිබුණා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img