Monday, April 28, 2025

පහරදීමෙන් දින 45 බිලිදා මිය යයි.

Published:

යාපනය ප්‍රදේශයේ දින 45 ක් වයසැති බිලිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිදා මියගොස් ඇතැයි තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිලිදෙකි.

මවු කිරි ලබා දීමෙන් අනතුරුව බිලිදා සිහිසුන්වූ බව පවසා මව විසින් බිලිදා අලවෙට්ටි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා තෙල්ලිප්පලේ රෝහලට මාරු කර යවා තිබේ.එහිදී බිලිදා මියගොස් ඇත.

මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ හිසට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් බිලිදා මියගොස් ඇතිබව යැයි පොලීසිය කියයි. ඒ අනුව මරණය සම්බන්ධයෙන් බිලිදාගේ මව තෙල්ලිප්පලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img