පහළ ඉන්නේ 52 kg ජුඩෝ ඛාණ්ඩයෙන් සිව් වතාවක් ලෝක ශූරිය වූ ජපානයේ Uta Abe.වයස අවුරුදු 24 යි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 52 kg ඛාණ්ඩයෙන් රන් පදක්කම් ලැබූ ශූරිය.
Career එකේ තරඟ 3 යි පරාද වෙලා තිබුණේ. වින් පර්සෙන්ටෙජ් එක 96%
2019 ඔසාකා ග්‍රෑන්ඩ් ස්ලෑම් එකෙදී බුචාඩ්ට පරාද වුණාට පස්සේ 2024 ඔලිම්පික් වෙනකම් පහුගිය අවුරුදු 5 කිසිම අවස්ථාවක පරාජය වුණේ නැහැ.
පහළ ඡායාරූපයේ ඉන්නේ උස්බෙකිස්තානයේ දියෝරා කෙල්දියෝරෝවා. වයස අවුරුදු 26 යි. මෙම වසරේ 52 kg ඛාන්ඩයේ ලෝක අනු ශූරිය. මේ වෙනකොට 52 kg අංශයේ වර්ල්ඩ් rank වල අංක එක.

Uta Abe කියන්නේ defending ඔලිම්පික් චැම්පියන්. Uta සහ ඔහුගේ සොහොයුරු හිෆුමි 2020 ඔලිම්පික් වලදී රන් පදක්කම් ලබා ගන්නවා.
මෙවරත් ඔවුන් එන්නේ එකම දවසේ රන් පදක්කම් ලාභීන් වෙන්න බලාගෙන.
කතා දෙකක් නැතිව ජයග්‍රහනය කරන්න ඕන Uta Abe. ඒක බොරු හයිප් එකක්වත් හිනාව ලස්සන නිසා දෙන හයිප් එකක්වත් නෙමෙයි. Uta ගේ ippon අනර්ඝයි.
නමුත් දෙවන වටයේ Uta Abe මුහුණ දෙන්නේ දියෝරාට. තරඟය ආරම්භ වෙලා සුළු මොහොතකින් Uta විසින් වසාරි එකක් යෙදුවත් ක්ෂණයකින් දියොරා විසින් රැන්ඩම් එල්ල කරපු ඉපොන් එකට Uta ට කට උත්තර නැති වෙනවා.
ඇත්තට රැන්ඩම් ඉපොන් එකක් නෙමෙයි.දියෝරා, Uta ගේ defense වල දුර්වල තැනක් ක්ෂණිකව හඳුනාගෙන යොදන තානි ඔතෝෂි එකෙන් තරඟය දිනනන්ම හිටපු Uta ව පරාජය කරනවා.
ඒකත් එක්ක Uta ශොක් වෙනවා. සෑහෙන කම්පනයක්. ඇය කොච් ගාවට ගිහින් කෑ ගහහ අඬනවා. නිකං අඬනවා නෙමෙයි ඇත්තටම කෑ ගහනවා. ප්‍රංශ මාධ්‍ය ඒ වෙලාවේ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ඇයගේ පරාජයේ වේදනාව පෙන්නුවා කියලත් සමාජ මාධයේ පළවුණ.
කොහොම වුනත් එකම දවසේ රන් පදක්කම් දිනන්න සහෝදර සහෝදරියනට බැරි වුණා. පැය කීපයකට පස්සේ ඇයගේ සහෝදරයා Hifumi 66 kg ඛණ්ඩයේන් රන් පදක්කමක් ගන්නවා.
කොහොම වුනත් Uta ව පරාජය කරපු දියෝරා අවසන් වටයේදී කොසොවා රාජ්‍යයේ Distria Krasniqi ව පරාජය කරල ඔලිම්පික් රන් පදක්කම ලබා ගන්නවා.


ඒ උස්බෙකිස්තානය වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් ලබාගත් පළමු උස්බෙක් ජාතිකයා විදියට.
ඒ වගේම උස්බෙකිස්තානය වෙනුවෙන් ජුඩෝ ඔලිම්පික් පදක්කමක් ලැබූ පළමු උස්බෙක් කාන්තාව විදියට.
Uta Abe ට ආයේ අවුරුදු 4 ක් බලන් ඉන්න වෙනවා. එදා ඇයගේ දවස වුණේ නෑ. ක්ෂණියකින් ඇය පරාජය වෙනවා.
ඒ ඇයගේ ඉතාමත් සුළු දුර්වල කමක් නිසාද නැත්තම් දියොරා එදා දවසේ අති දක්ෂ ලෙස කව්රුවත් නොහිතපු විදියට, අඩුම තරමේ තමන්ගේ රටේ මිනිස්සුවත් නොහිතපු විදියට Uta ව හැන්ඩ්ල් කරපු නිසාද කියන එකට ඇය පිළිතුරක් දීලා තියෙනවා.
මෑත ඔලිම්පික් ඉතිහාසයේ සිදු වූ බිගස්ට් ශොක් එකක් විදිහට 2024 පැරිස් ඔලිම්පික් 52 kg කාන්තා ජූඩෝ ඛාණ්ඩය හඳුන්වන්න පුළුවන්