පුත්තලම ප්‍රදේශයේ පාසලක සිසුවෙක් ගුරුවරයෙකුට පිහි ඇනුමක් සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.
ඊයේ (26) උදෑසන මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම ගුරුවරයා සිසුවාට හිස කෙස් කපා පාසලට පැමිණෙන ලෙස අවවාද කළ අවස්ථාවේදී මෙම පිහි ඇනුම සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.පහරකෑමට ලක් වූ ගුරුවරයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, පහර දීම සිදු කළ සිසුවා මේ වනවිට පොලිස් භාරයේ සිටින බව යි.මේ පිළිබඳව පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.