Monday, April 28, 2025

කොණ්ඩය කපන්නැයි කීවාට ගුරුතුමන්ට පිහියෙන් ඇනලා

Published:

පුත්තලම ප්‍රදේශයේ පාසලක සිසුවෙක් ගුරුවරයෙකුට පිහි ඇනුමක් සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.
ඊයේ (26) උදෑසන මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම ගුරුවරයා සිසුවාට හිස කෙස් කපා පාසලට පැමිණෙන ලෙස අවවාද කළ අවස්ථාවේදී මෙම පිහි ඇනුම සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහරකෑමට ලක් වූ ගුරුවරයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, පහර දීම සිදු කළ සිසුවා මේ වනවිට පොලිස් භාරයේ සිටින බව යි.
මේ පිළිබඳව පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img