
කවුරුත් කැමති අපේ පෞරුෂත්වය සමාජය ඉදිරියේ කැපී පේනවා නම්..
ඉතින් සමාජය තුළ මේ වගේ කැපී පෙනෙන චරිතයක් වෙන්න සමහරක් විට මෙන්න මේ කාරණය හින්ද ඔයාට බැරි වෙන්න පුළුවන්..
ඔබත් නිතර දෙවේලේ දහඩිය දමන කෙනෙක්ද..? එහෙනම් ඉතින් ඔබ ඒ නිසා ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙනවා ඇති… ඒත් ඔබ දැනගෙන හිටියාද මෙන්න මේ පානය නිසා ඒ තත්ත්වය ඔබට මගහැර ගන්න පුළුවන් කියලා…
ඉතාමත් ගුණදායී ඖෂධීය පානයක් වන බෙලිමල්වලින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්.. ඒ ගැන කතාවක් තමයි මේ කියන්න යන්නේ.. දෙවියන් උදෙසා පිදෙන ඖෂධීය ගුණයෙන් යුක්ත අගනා පලතුර Golden Apple යනුවෙන් හඳුන්වනවා..
ආමාශ ගත රෝගවලට දිව ඔසුවක් වෙන බෙලි වැවෙන රටවල් ලෙස ලංකාව, බුරුමය, ඉන්දියාව හැඳින්විය හැකියි.. මෙම ගස ගෙවතුවල මෙන්ම වනගතව සරු ලෙස වැවෙන ඖෂධයක්..

බෙලි ගෙඩිය පමණක් නොව ගසෙහි සෑම කොටසක්ම ඖෂධීය වශයෙන් පැරැන්නෝ භාවිතයට ගත්හ. මුල්, පොතු, කොළ, මල්, ගැට, ගෙඩි, මදය හා කටුවද ඉතා ගුණ දායක ඖෂධයකි.. විටමින් ඩී පදාර්ථයෙන් යුක්ත අතර වා, සෙම්, පිත් නසයි, විරේක ගුණදෙයි. එසේම බෙලි මල් යනු ඖෂධීය ගුණ ඇති පානයකි.. බෙලිමල් පානයෙන් බඩ බුරුල්වී යාම හා වමනය වළකී.. බිමට ගිලිහී වැටෙන බෙලි මල් තැම්බූ වතුර පිපාසය හා දාහය නිවන විඩාව සංසිඳුවන පානයකි…