පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලට පනවලා තිබුණු සමීප සබඳතා පැවැත්වීමේ තහනම මෙවර ඉවත් කරන්න පැරිස් ඔලිම්පික් බලධාරීන් කටයුතු කරලා. ඒ විතරක් නෙවෙයි, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්න ඔලිම්පික් ගම්මානයට කොන්ඩම් 300000ක් සපයන්නත් කටයුතු කරලා කියලා වාර්තා වෙනවා.



මේ පාර ඉවත් කරපු සමීප සබඳතා තහනම 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙලාවේ පනවන්නේ ඒ වෙලාවේ ලොව පුරාම භයානක විදියට පැතිරුණ කොවිඩ් වසංගතය නිසා. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කාට හරි රෝගය අසාදනය උනොත් එක පැතිරෙන එක වලක්වාගැනීම මේ තහනමේ අරමුණ වුනා.
අත්‍යවශ්‍ය වෙලාවක ඇරුනම අනිත් හැම වෙලාවකම පුද්ගලයන් දෙදෙනෙක් අතරේ ආදී හය හමාරක පරතරයක් තියාගන්න කියල තමයි කියලා තිබුනේ.
නමුත් මේ පාර එහෙම ප්‍රශ්නයක් නැති නිසාත් කොන්ඩම් බෙදලා දෙන එක 1988 ඉඳලා ඔලිම්පික් වල සම්ප්රදායක් නිසාත් සමීප සබඳතා තහනම අයින් කරලා පුරුදු විදියටම කොන්ඩම් 300000 ගම්මානයට සපයන්න පැරිස් ඔලිම්පික් බලධාරීන් කටයුතු කරලා තියෙනවා.
ඉතින් ඔයාල හිතන්නේ මොකටද මෙහෙම කොන්ඩම් බෙදලා දෙන්නේ?
නෑ! මේකට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලිංගික සම්බන්ධ තියාගන්න නෙවෙයි.
එයාල මෙකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගම රටවල් වලට යනකොට මේවා අරගෙන ගිහිල්ලා ලිංගික සම්ප්‍රේෂණ රෝග ගැන එයාලගේ රටවල් වල මිනිස්සු දැනුවත් කරවන එක තමයි මේකේ අරමුණ.