Sunday, April 27, 2025

කුඩ්ඩන්ට පෙති බෙදූ දොස්තර නෝනා මාට්ටු

Published:

වෛද්‍ය නිර්දේශයකින් නොමැතිව වේදනානාශක ඖෂධ මත්ලෝලීන්ට අලෙවි කළ පෞද්ගලික රෝහලක ඖෂධවේදියෙක්, හෙදියක් සහ මුදල් අයකැමිවරියක් සපුගස්කන්ද ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන් සඳහා අලෙවි කිරීමට යොදා ගන්නා Tramadol වර්ගයේ මත්පෙති 53ක් පමණ හා pregabline වර්ගයේ මත්පෙති 548ක පමණ ප්‍රමාණයක් එම පෞද්ගලික රෝහලේදී සොයාගත් බවයි සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සඳහා වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනානාශක ඖෂධ වර්ග අලෙවි කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි මල්වැන්න මහත්මියගේ උපදෙස් පරිදි දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කොට ඇත. උපාය දූතයකු ලෙස පොලිස් නිලධාරියකු යොදවා වේදනානාශක ඖෂධ මිලදී ගැනීමෙන් අනතුරුව එම ස්ථානයෙහි සේවය කරමින් සිටි කාන්තාවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම ආයතනය විශ්‍රාමික වෛද්‍යවරියකට අයත් බව අනාවරණය වුණු බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය. කැලණිය කොට්ඨාසයේ සපුගස්කන්ද පොලිස් බලප්‍රදේශයේ මාකොල දකුණ ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික රෝහල වැටලීමේදී වේදනානාශක ඖෂධ වර්ග පහකට අයත් ඖෂධ කරල් 601ක් තිබී අත්අඩංගුවට ගත් බවත්, ඖෂධ කරලක් රුපියල් 25ක් පමණ වන නමුත් මෙහි කරලක් රුපියල් 110ක මිලකට අලෙවි කොට ඇති බවත් හෙතෙම කියා සිටියේය. මෙම අධි වේදනානාශක ඖෂධ වර්ග දිගු කලක් භාවිත කිරීමේදී ශරීරයේ අවයවයන්ට තදබල ලෙස හානි විය හැකි බවද වික්‍රමසේකර මහතා සඳහන් කළේය. මොවුන් විසින් තොග වශයෙන්ද මෙම ඖෂධ අලෙවි කරනු ලබන බව මෙහිදී

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img