Sunday, April 27, 2025

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුමක

Published:

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ සංචාරක අමාත්‍යාංශය විසින් සහ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ‌වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යන ආයතන සමඟ සහයෝගීතාවයෙන් ඓතිහාසික අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීම ඊයේ කොළඹදී සිදුකරනු ලැබී ය.

ගිවිසුම් යටතේ මුල පිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් රුපියල් මිලියන 113 ක් වෙන් කර ඇත.

අවබෝධතා ගිවිසුම්වල දක්වා ඇති ප්‍රධාන මුල පිරීම් අතරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව සැලසීම අරමුණු කරගනිමින් දඹුල්ල, බණ්ඩාර‌‌වෙල, පොතුවිල් සහ තිස්සමහාරාම රෝහල් තුළ සංචාරකයන් සඳහා විශේෂිත ගෙවන සෞඛ්‍ය වාට්ටු සංවර්ධනය කිරීම සඳහ ගිවිසුම්ගත වීම සිදු කරනු ලැබීය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 80 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF) සමඟ එක්ව සීගිරියේ සංචාරක ප්‍රවාහනය සඳහා විදුලි කරත්ත සැපයීම මෙන් ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් මගින් දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා හඳුනාගත් වෙරළබඩ ප්‍රදේශවල සහ යාල ප්‍රධාන ආකර්ෂණ ස්ථාන, එනම් සංචාරක කලාප සඳහා සනීපාරක්ෂක සහ නාන පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කරනු ලැබී ය.

සංචාරකයින්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට බස්රථ 250 ක් සමඟ විදුලි හා දෙමුහුන් වෑන් රථ 750 ක් ආනයනය කිරීමට අප්‍රේල් මාසයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙම උත්සවයේදී සංචාරක කර්මාන්තය සඳහා වාහන ආනයනයට අදාළ පළමු වාහන බලපත්‍ර 10 සංකේතාත්මකව ප්‍රධානය කිරීම සිදුවිය.

මෙම අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකාවට පැමිණෙන අමුත්තන්ගේ සමස්ත අත්දැකීම වැඩි දියුණු කරමින් සංචාරක ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සහ ශක්තිමත් කිරීම සහතික කිරීම සහ වැඩි සහයෝගීතාවයක් ඇති කිරීම සඳහා වැදගත් පියවරක් වේ.

Yesterday in Colombo, historic MoUs were signed by the Sri Lanka Tourism Development Authority (SLTDA), Ministry of Tourism, Ministry of Health, Ministry of Buddha Sasana, Ministry of Religious and Cultural Affairs, Ministry of Urban Development and Housing, and Ministry of Wildlife and Forest Resources Conservation. These agreements, backed by an allocation of 113 million rupees, aim to bolster Sri Lanka’s tourism sector.

Key initiatives include the development of special paid health wards for tourists at hospitals in Dambulla, Bandarawela, Pothuvil, and Tissamaharama, in collaboration with the Ministry of Health. Additionally, partnerships with the Central Cultural Fund, Coastal Conservation Department, and Wildlife Conservation Department will enhance facilities at tourist sites like Sigiriya and Yala.

In a related move, the Cabinet recently approved the import of 750 electric and hybrid vans and 250 buses to meet rising transportation needs in tourism. At the event, the symbolic inauguration of the first 10 vehicle licenses marked a significant step forward.

These MoUs signify a crucial stride towards sustainable tourism development in Sri Lanka, fostering cooperation and enriching the visitor experience.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img