ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට විරුද්දව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කරල තිබෙන බව තමයි අලුත්ම ආරංචිය.
ඊයේ (22) රාත්‍රී කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ දිස්ත්‍රික්ක 12ක පොහොට්ටුවේ නායකයින් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් යමින් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කලහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහහ පලකිරීමටය.
ඒ සදහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු 75කට ආසන්න පිරිසකගේ සහයද ඔවුන්ට ලැබී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.